ප්‍රථම ප්‍රේමය ඔහු විය
7කොටස
ටිකක් රෑ වෙද්දී ආපහු කට්ටිය බණ්ඩාරවෙලින් පිටත් උනා. ශාන් ඩ්‍රයිව් කරා.චමින්ද මාමා ශාන් ගාව පැසෙන්ජර් සීට් එකේ වාඩි වෙලා.පිටිපස්සේ එක ජනෙල් දෙක ලඟ අංජලී අක්කයි රසිඳුයි වාඩි වෙලා. ඉශී වාඩි වෙලා හිටියේ මැද්දෙන්.
ඉශී,රසිඳුයි ඩබල වාඩි උන වෙලාවේ ඉඳන් කිචි කිචිය දෙන්නා හිමීට හිමීට අනම් මනං කියවනවා. ශාන්ට නම් මේක ඇල්ලුවේම නෑ. ඒ නිසාම කතාවට බදාකරන්න මොනා හරි කියන්න ඕන කියලා ශාන් හිතුවා.
"ඉතිං ඉශියෝ හෙට යනවද ඔයාලා?"
"ආහ් ඔව් අයියේ හෙට යනවා.මේ මොකක් හරි බොරුවක් ගහලා අපිව තව දවස් දෙකක් විතර තියාගන්නවකෝ."
"මට මොංගල් කියලා හිතුවද දන්නේ නෑ.ඉක්මනට පල 😠"
ශාන් එයාගේ හිත අස්සෙන් හිතුවා ශාන් කට අරින්න කලින්ම අංජලී අක්කගේ කට ඇරුනා.
"අනේ මේ කට වහං හිටපං ඉශූ. මට වැඩ තියනවා.දැනටමත් දවස් කීයක් මෙහෙද? මම වල කපනවා ඉන්න එකට ඔය ඔක්කොටම කලිං"
අංජලී අක්කට රවලා ඉශී ආපහු රසිඳු පැත්තට හැරුනා.
"මුං හරි යන්නේ නෑ වස්ටුවේ.අපි දෙන්නා අපේ කතාව පටං ගමු"
ඉශී කියන්නේ හරිම සැහැල්ලු ජීවිතයක් ගෙවන කෙල්ලෙක්.කොටින්ම ඩෝන්ට් ගිව් අ ෆක් වගේ තමා.
එයා එයාට ඕන විදිහට ඔහේ සැපේ ආතල් එකේ ජීවත් වෙන හරිම සරල චරිතයක්.ලව් ඉලව් ජීවිතේට ලං වෙනවට ඒ නිසාම ඉශී හරි අකමැතී.
ශාන්ට නම් දෙන්නගේ කතාව ඇල්ලුවේම නෑ.ඒ නිසාම කතා කරන එක නවත්තලා පුලුවං තරම් ස්පීඩ් කරලා ශාන් යන්න ගත්තේ ඉක්මනට යන්න ඕන නිසා.
...........................................................................................
ඊලඟ දවසේ ටිකක් දවස් වෙද්දී චමින්ද මාමලා ආපහු යන්න පිටත් උනා.මොකද තව දවස් දෙක තුනකින් ඉස්කෝලා පටං ගන්නවා. ඒ වගේම ක්ලාස් එහෙම මිස් කරගන්නත් බැරි නිසා එයාලා යන්න ගියා.
රසිඳු නම් ඊයේ ඉඳන් බලං හිටියේ ශාන්ගේ අමුතු හැසිරීම දිහා. කතා කරන්නේ නෑ.මූන දිහා බලන්නේ නෑ. දැක්කම රවනවා.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...