19 කොටස

1.1K 162 24
                                    

ශාන් වොශ් එකක් දාගෙන ඇවිත් එයාගේ ඇඳ උඩට වෙලා පෙරලිලා ඉන්න රසිඳුට හිනා වෙන ගමං ෆෝන් එක අතට ගත්තා.හැමදාම වගේ නේහගෙන් වරද්දන්නෙ නැතුව එන good morning මැසේජ් එකට reply කරපු ශාන් රසිඳු ගාවින් වාඩි උනා.

"මොකෝ මේ උදේම මේ පැත්තේ පාඩම් කරන්න එහෙම නැද්ද"

රසිඳු ගනකම් ක්‍රේල් කොණ්ඩේ අතරින් ඔලුව අත ගාන ගමං ශාන් ඇහුවා.

"ම්ම්ම් මම පාඩම් කරනවා. අනික පාස් වෙනවා බය වෙන්න එපා"

ශාන්ගේ කම්බුලට අත තියන ගමං රසිඳු කල්පනා කරේ මේ හිනාව නැතුව එයාට කොච්චර පාලුයිද කියලා.

"කොහොමද job එක එහෙම අමාරුවක් නෑනේ.පාලු එහෙම නැද්ද තනියම ඉන්න"
රසිඳු කතාව වෙන පැත්තකට හරවන ගමං ඇහුවා.

"ම්ම් අවුලක් නම් නෑ ඉතිං.අනික නේහත් ඉන්නවනේ මාත් එක්ක හැම වෙලාවෙම"

"හ්ම්ම් ඔව් නේද? දෙයක් අහන්නද?"

රසිඳු ශාන්ගෙන් ඇහුවා.

"අහන්න ඉතිං"

ශාන් අහන්න කිවුවත් මේක ඇහුවම ශාන්ගෙන් මොන වගේ reaction එකක් හම්බ වෙයිද කියලා රසිඳුට හිතාගන්න බැරි උනා.

"ඇයි නේහා එක්ක බ්‍රේකප් නොවෙන්නේ"

රසිඳු අහලා දැම්මා.ශාන්ගේ මූනේ තිබ්බ හිනාව නැති වෙලා ගියා.ටිකක් බැරෑරුම් විදිහට රසිඳු දිහා බලපු ශාන් අන්තිමට උත්තර දෙන්න තීරණේ කරා.

"මොකද එයා එක්ක ඉද්දි මට සැනසීමක් දැනෙනවා. එයා හරිම අහින්සක නිවිච්ච ගෑනු ලමයෙක්.මම මොන දේකින් කලබල උනත් එයාට පුලුවං පොඩි වචන දෙකකින් මාව නිවන්න."

ශාන් එහෙම කියලා රසිඳු දිහා බැලුවා.

"එතකොට මම මොකක්ද ශාන් ම්ම්. මම මොකෙක්ද ඔයාට"

තරහින් උනත් කටේ සද්දෙ වැඩිකරන්නේ නැතුව රසිඳු ඇහුවා.

ශාන් රසිඳු දිහා බලලා අසරණ විදිහට හිනා උනා.

ශාන් හිමීට රසිඳුගේ අත අරගෙන එයාගේ පපුව උඩින් තිබ්බා.

"දැනෙනවද ??"

රසිඳුට දැනුනා සාමාන්‍ය වේගෙට වඩා වේගෙන් ගැහෙන ශාන්ගේ හදවත. රසිඳු ශාන්ගේ මූන දිහා බැලුවේ එයා මොනාද කියන්න යන්නේ කියලා හිතාගන්න බැරුව.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlWo Geschichten leben. Entdecke jetzt