part 10

1.2K 157 3
                                    

10 කොටස

සෙන්සුරාදා දවසක් නිසා අද ශාන් එයාගේ ඇඳට වෙලා පෙරලිලා වහලේ පරාල ගනං කරේ එයාගේ හිත තේරුම් ගන්න උත්සහ කරන ගමං.

"චූටි මහත්තයා. ..... මෙහෙ වරෙන්කෝ.."

අම්මගේ ආදරනීය කටහඬ ඇහුන ගමං ශාන් ඈලි මෑලි කඩන ගමං කුස්සියට ගියා.

"මොකෝ අම්මා.."

"මේ කඩේට ගිහිං මේ බඩු ටික අරගෙන වරෙන්කෝ පුලුවන් නම්."

"මම බෑ කිවුවා කියලා නොයවා ඉන්නේ නෑනේ ඉතිං 😐😐"

පුලුවන්නම් කියන වචනේ අම්මා කොහොමත් දාන්නේ සැරසිල්ලකට වගේ කියලා දන්න ශාන් කිවුවා.

"හා හා කට වහගෙන දැං ගිහිල්ලා අරගෙන එනවකෝ"

තමංගේ සුපුරුදු රාජකීය ඇඳුම වෙන ශෝටයි, ටී ශර්ට් එකයි බාට කෑලි දෙකයි දාගත්ත ශාන් බඩු ලිස්ට් එකත්, බයික් එකේ යතුරත් අරගෙන එලියට බැස්සේ ලඟම තියන ටවුන් එකට යන්න.

හැබැයි අද නම් හිතේ අවුලකුත් තිබ්බා වෙනදා වගේ උදේම තේ එක බොන්න රසිඳු ආවේ නෑ.

රසිඳු ආවේ නැති නිසා ශාන්ට තේ බොන්න උවමනාවක් තිබ්බෙත් නෑ.කොටින්ම උදේට කන්න උවමනාවක් තිබ්බෙත් නෑ.

................................................................................

රසිඳු කියලත් මහ ලොකු වෙනසක් තිබ්බේ නෑ.රසිඳුගේ හිතේ තාමත් හොල්මං කරේ ඒ එකම එක සිපගැනීම. හැබැයි දැං ඒක ගැන හිතලම රසිඳුගේ හිතේ තිබ්බේ පසු තැවීමක් නෙවෙයි.රසිඳුට ඕන උනා ආපහු ඒ දේ කරන්න.හැබැයි කලිං වගේ ශාන් සිහියක් නැතුව ඉද්දී නෙවෙයි ශාන් එයා දිහා බලං ඉද්දී,ශාන්ගේ කැමැත්ත ඇතුව .

ඒක අමුතුයි වගේ රසිඳුට දැනුනත් තාම වයස 18ක් උනත් එයාට දැනෙන දේ මොකක්ද කියලා රසිඳු හොඳටම දැනගෙන හිටියා.ඒ වගේම ඒක තවත් එයාගේ හිතෙං ප්‍රතික්ශේප කරලා වැඩක් නෑ කියන එකත් රසිඳු හොඳටම දැනගෙන හිටියා.

මනෝ ලෝකේ ඔහේ අතරමං වෙලා ඉද්දී හොඳ සිහියට ආවේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා.

"මොන් මගුලද ඒ පාර මේ වෙලාවේ කතා කරන්නේ"

නම්බරේ දැක්ක ගමං රසිඳුගේ මූන අවුල් ගියේ වෙන මොකුත් නිසා නෙවෙයි ඒ නම්බර් එක නෙත්මිගේ නිසා.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlTempat cerita menjadi hidup. Temukan sekarang