රසිඳු ශාන්ව දවස් ගානක්ම මගෑරියේ වෙන කරන්න දෙයක් නැති නිසා.එයා දන්නවා එයා කරන්නේ වැරැද්දක් කියලා.ඒත් රසිඳුට එයාට මූන දෙන්න ඕන කමක් තිබ්බේ නෑ.
ලොකු කල්පනාවක වැටිලා ඔහේ ඇවිදගෙන ආව රසිඳුව එක පාරම කවුරු හරි ඇදගෙන අයිනකට ගියේ රසිඳුව කලබල කරන ගමං.ඒත් ඒ ශාන් කියලා දැක්කම රසිඳු සන්සුන් උනා.
"උඹ මාව මගාරිනවද දැං ආ..හ්"
ශාන්ගේ මූනෙන්ම පෙනුනා හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ කියලා.
රසිඳු කෙලින්ම ශාන්ගේ මූන දිහා බැලුවා.
"ඔව් ඇයි?"
රසිඳු ටිකක් සැරෙං කිවුවා.ශාන්ව ගැස්සිලා ගියේ වෙන මොකුත් නිසා නෙවෙයි එයා ඒක බලාපොරොත්තු නොවුන දෙයක් නිසා.
"ඇයි මගාරින්නේ එච්චර දෙයක් වෙලත් තමුසේ කොහොමද මාව මගාරින්නේ ආ..හ්"
ශාන් රසිඳුගේ කොලර් එකෙන් අල්ල ගන්න ගමං ඇහුවා.
"මොනාද උනේ ඉතිං අපි දෙන්නා අතරෙ.ඒක නිකම්ම නිකං මිස්ටේක් එකක් විතරයි.දෙන්නම බීලා හිටියේ.සිහියෙන් නෙවෙයි හිටියේ"
රසිඳුගේ කොලර් එකට තද වෙලා තිබ්බ ශාන්ගේ අත් දෙක ටික ටික බුරුල් උනා.
"ආහ් ඔව් ඔයා කියන එක හරි.ඒක නිකන්ම නිකං අත්වැරදීමක්"
ශාන් රසිඳුගේ කොලර් එක අතෑරලා දැම්මා.ඊට පස්සේ ආපහු එකම එක පාරක්වත් හැරෙන්නේ නැතුව යන්න ගියා.රසිඳු ශාන්ව නවත්තන්න උත්සහ කරේ නෑ.
..........................................................................................................................................................................................................................
Semester break එකත් හම්බ උන නිසා රසිඳු ගෙදර ආවේ අම්මව හම්බ වෙන්න.
ඉස්සර ගමේ හිටපු කාලේ නෑදෑයොන්ගෙන් හම්බ උන පිලිගැනීමට වඩා දැං දෙන පිලිගැනීම වෙනස්ම එකක්.කට්ටියගෙම පුදුම ආදරයක් තියෙන්නේ.ඉස්සර නසරානියා බේබද්දා ලියපු උනුත් දැං ආදරෙන් හිනා වෙලා පුතේ කියලා කතා කරනවා.
රසිඳුට නම් මේවට කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ."අම්මේ....හ්"
රසිඳු දොර ගාව ඉඳන්ම කෑ ගැහුවා.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...