24 කොටස

1.2K 176 21
                                    

අම්මා මොකටත් රෑ 9ට විතර ආපහු කාඹරේට ගියේ නිදාගන්න කලිං රසිඳුට මොකද කියලා බලන්න.

ඒත් අම්මා හොඳටම බය උනේ රසිඳු වෙවුල වෙවිල උණ විකාරෙන් කියවන ගමං අඬ අඬ ඉන්නවා දැකලා.තාත්තත් ගෙදර හිටියේ නැති නිසා අම්මට මොනා කරන්නද කියලා හිතා ගන්න බැරි උනා.ඒ නිසාම අම්මා ශාන්ට කෝල් එකක් ගත්තා.

"හලෝ නැන්දේ ඇයි මේ වෙලාවේ?"

ශාන් තප්පර 10ක් යන්නත් කලිං ෆෝන් එක ආන්සර් කරලා ඇහුවා.

"අනේ පුතේ පුලුවන්නම් හන්දියේ ඩොක්ටර් ඉන්නවද කියලා මට හොයලා කියනවද? රසිඳුට හොඳටම උණ හැදිලා.හොඳටම අමාරුයි වගේ"

ශාන් ඇත්තටම කලබල උනා. රසිඳු කියන්නේ අසනීප වෙන එකෙක් නෙවෙයි ඒත් අසනීප උනාම මැරෙන්නම වැටුනා වගේ තමා.

ඉක්මනට ඩොක්ටර් ඉන්න හරියෙම ඉන්න යාලුවෙක්ට කෝල් කරපු ශාන් දැනගත්තා ඩොක්ටර් තාම ඉන්නවා කියලා.

උඩහ ගෙදර මාමගේ ත්‍රීවීල් එක හයර් එකට අරගෙන ශාන් එහෙම්ම ගියේ රසිඳුලාගේ ගෙදරට.

"නැන්දේ නැන්දේ!!!"

ශාන් කතා කරන ගමන්ම කෙලින්ම ගියේ රසිඳුගේ කාඹරේට.

අම්මා ඇඟම වැහෙන්න පොරවපු ගනකම් ශීට් එකත් පොරවගෙන රසිඳු ගැහි ගැහි හිටියේ උණ විකාරෙන් එක එක දේවල් කියවන ගමං.

"රසිඳු රසිඳු!! නැගිටින්න එන්න අපි යමු"

රසිඳුලාගෙ අම්මත් ඒ වෙලාවේ එතනට ආවේ කසාය එකකුත් අරගෙන.

"නැගිටින්නේ නෑ පුතේ මම කොච්චර කතා කරාද?"

"හරි නැන්දේ ඒත් මේකව එක්කගෙන යන්නම එපැයි කොහොම හරි"

ශාන් රසිඳුගේ ශීට් එක අයින් කරලා කොහොම හරි රසිඳුව උස්සලා ගත්තා. කොහොම හරි රසිඳුව ත්‍රීවීල් එකට දා ගත්ත ශාන් රසිඳුවත් අරගෙන පුලුවං ඉල්මනට ඩොක්ටර් ගාවට ගියා.

රසිඳුගේ ඇඟේ රශ්නේ ශාන්ට හොඳට දැනුනා.

"ඇයි ම- මට මෙහෙම කරන්නේ"

රසිඳු ශාන්ගේ අත් දෙක අතරට තව තුරුල් වෙන ගමං ඇහුවේ ත්‍රීවීල් එකේ යද්දි වැදෙන හුලඟ සීතල නිසා.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlTahanan ng mga kuwento. Tumuklas ngayon