Part 3

1.5K 180 4
                                    

ප්‍රථම ප්‍රේමය ඔහු විය.

3 කොටස.

දෙන්නම නාලා ආපහු තානායමට ගියේ රෑ වෙලා සිරීපාදේ නගින්න තියනවා කියලත් දන්න නිසාමයි.

එයාලා යනකොටත් කට්ටිය ඔක්කොම වගේ තැන් තැන් වලිං නාලා මහන්සියට තැන තැන වැටිලා හිටියා. අපරාදේ කියන්න බෑ ඉශී, අංජලී අක්කයි ඩබල නම් කොල්ලෝ වගේකුත් ලයින් කරනවා.

"මේ බං. වරෙං මං ගානේ කිරි තේ එකක් අරං දෙන්න උඹට"

තාම ගැහෙන ශාන් දිහා බලාගෙන රසිඳු කිවුවා.

"පිස්සුද යකෝ. මේ හරියේ කිරිතේ එකක් 150ක් වත් වෙයි"

ශාන් විරුද්ද උනේ.කන්ද උඩට යන්න යන්න හැම දේකම ගනං වැඩිවෙනවා කියලා දන්න නිසා.

"ඉතිං මමනේ අරං දෙන්නේ මෙන්න මෙහෙ වරෙං"

රසිඳු තිබ්බ සල්ලි වලින් එක කිරි තේ එකක් අරගෙන ශාන්ට දුන්නා.

"ඇයි උඹ බොන්නේ නැද්ද දැං එකක්. "

"අනේ මට ඕන නෑ බං.උඹ වගේ වෙවුලනවද මම නෑනේ. මේ ඉන්නේ යකඩ ගොඩ වගේ බලහංකෝ"

ශාන් රසිඳුට රව රව තේ එක බිවුවා.හැබැයි අන්තිමට බාගයක් ඉතුරු කරලා ඒක රසිඳුට දෙන්න අමතක කරෙත් නෑ.

අවසානෙට තිබ්බ බඩු ටික තානායමට පිටිපස්සේ තියන කුස්සිය වගේ තියන තැන අස් කරලා ඉවර වෙද්දී රෑ 10ටත් ලඟයි.දෙන්නම ඒ ටික අස් කරලා සිරීපාදේ නගින්න ගත්තා. තරුණ වයසේ ඉන්න කොල්ලෝ දෙන්නෙක් නිසාම දෙන්නා තරඟෙට වගේ නගින්න පටං ගත්තා. එකෙක්ට එකෙක් කොයිම වෙලාවකවත් දෙවනි උනේ නම් නෑ.

ඉදිකටුපාන ලඟ දෙන්නම අන්තිමට නැවතුනේ හති දාගෙන.

"අම්මෝහ් සීතල වෙනවා එන්න එන්න බං. මගේ ඇඟිලි එහෙම දැනෙන්නේ නෑ වගේ."

ශාන් අත්දෙක එකට අතුල්ලන ගමං වෙවුල වෙවුල කිවුවා.

"අනේ හොඳ වැඩේ තොට මම කිවුවා අත්දිග t shirt එකක් විතරක් මදි කියලා.ජර්සිය දාගෙන ආවේ නෑනේ වෙවුල වෙවුල නැගපං දැං.අනේ හොඳම වැඩේ"

රසිඳු ශාන්ට විහිලුවට වගේ බැන්නත් තාම දම්පාට වෙලා තියන තොල් රතු වෙලා තියන මූන දැකලා දුක නොහිතුනා නෙවෙයි.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlDonde viven las historias. Descúbrelo ahora