ප්‍රථම ප්‍රේමය ඔහු විය.
5 කොටස.
"කකුල කොහොමද දැං උඹේ ආහ්"
තුවාල වෙලා සතියක් විතර ගිහිං තිබ්බ නිසා රසිඳු ඇහුවා.
"දැං නම් හොඳයි බං.තුවාලේ වේලිලා.රිදෙන්නෙත් නෑ"
"හ්ම්ම් ඊලඟ සතියේ ඉස්කෝලේ පටං ගන්නවනේහ්."
රසිඳු ශාන්ගෙන් ඇහුවා.
"හ්ම්ම් උඹට A/L pass වෙන්න අදහසක් නැද්ද?"
"අනේ ඉතිං මම පාස් වෙලා මොනා කරන්නද බං"
රසිඳු ඇහුවා.
"යකෝ S3ක් වත් අඩුම දාගනිං පාස් වෙයං කොහොම හරි තව මාස 6ක් 7ක් තියෙන්නෙත්"
"හ්ම්ම් හ්ම්ම් බලමුකෝ"..
"බලමු නෙවේ පගෝ පාස් වෙයං.."
ශාන් ආපහු කෑ ගැහුවේ යකාම නැගපු නිසා.
"හරි හරි හුthත කෑ ගහන්නේ නැතුව හිටපංකෝ උඹත් අපේ අම්මා වෙන්න එනවනේ ඒ පාර"
ශාන් රවලා අහක බලාගත්තේ කියලා වැඩක් නැති නිසා.
"චූටි පුතා පොඩ්ඩක් මෙහෙ වරෙන්කෝ"
චමින්ද මාමා කතා කරනවා ඇහුන නිසා ශාන් ඉක්මනට සාලෙට ගියා.
"ඕහ් මාමා"
"මේ යමංද අපේ ගමේ ගෙදරට ගිහිං එන්න අද. "
"බණ්ඩාරවෙලද?"
"ඔව් ඔව් යමං. මාහා ලොකු වෙලාවක් යන්නේ නෑනේ මෙහෙ ඉඳලා"
(කට්ටියට කියන්න අමතක උනානේ මතක තියාගන්න මෙයාලගේ ගම පස්සර. )
"හා මාමා යමු.ම්ම්ම් මේ මම ඩ්‍රයිව් කරන්නද?"
වාහනේ අරගෙන යන්න තියන ආසාව නිසා ශාන් ඇහුවා.
"හෑ උඹ ලයිසන් එක ගත්තද?"
"ඔව් ගත්තා මාමා අනේ අනේ අනේ"
"හා හා උඹ ඩ්‍රයිව් කරපං.රසිඳු උඹත් වරෙං.උඹයි මායි ශානයයි ගිහිං එමු."
"හා චමින්ද මාමා"
"ඇයි ඇයි අපිත් එනවා."
කොහෙදෝ ඉඳං ඉශී දුවගෙන ආවේ හුඟ කාලෙකින් ගමේ ගෙදරට ගියේ නැති නිසා.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...