ප්‍රථම ප්‍රේමය ඔහු විය.
2කොටස.
ශාන් අම්මට කියලා තේ එකකුත් හදාගෙන බිබී කාබරේට ආවා.
"අහ් මෙන්න බීපං ටිකක් ඕන නම්"
ශාන් ඇදුමක් හොයන ගමං ඇදේ පෙරලිලා හිටපු රසිදුට කිවුවා.
"හ්ම්ම්.මොකෝ උබේ ඔලුවේ කැක්කුම."
"තාම අඩු නෑ බං."
"හා හා ඇදුමක් දාගෙන වරෙංකෝ මම මසාජ් එකක් දෙන්න."
ශාන් ශෝටක් දාගෙන ඇද ගාව බිමිං වාඩි උනා.රසිදු එතනින් වාඩින් වෙලා ශාන්ගේ ඔලුව මසාජ් කරන්න ගත්තා.
"අම්මෝ මාර සනීපයි බං"
ශාන් දැනෙන සනීපේ නිසාම ඇස් දෙක වහ ගත්තා.ඒත් ඒ නිදහස වැඩි වෙලාවක් තිබ්බේ නෑ.කවුරු හරි එලියේ කතා කරන්න ගත්තා.ශානුයි රසිදුයි දෙන්නම කට හඩින්ම අදුර ගත්තා වෙන කවුරුත් නෙවෙයි ඒ ඉශීයි අංජලී අක්කයි කියලා
එක පාරම ඒ දෙන්නම සුදු මැනික කෝ ඔයා කියාගෙන ශාන්ගේ කාබරේට එබුනා.ශාන් ඒත් රසිදුගේ කකුලේ ඔලුව තියාගෙන මසාජ් එක විදින ගමං හිටියේ.
"මේ ඉන්නේ 😁.පොඩ්ඩක් ඉන්න අපි දෙන්නා එන්නම් "
ශාන් ඉශීටයි අංජලීටයි කිවුවා.
කට්ටියම ඔහේ වල්පල් කියව කියව ටික වෙලාවක් හිටියා.මේ ගෙදර කොහොමත් කට්ටිය ගොඩාක් ඉන්න නිසා සද්දෙ වැඩී.ඒත් ඉශීයි අංජලීයි ආවම ඒ සද්දේ තව දෙතුන් ගුනේකිං වැඩෙ වෙනවා.මොකද දෙන්නටම තියෙන්නේ ඒ තරං හොද කටක් .
"ඕයි ශානයා,රසිදුවා"
කට්ටිය කතා කර කර ඉන්නකොට චමින්ද මාමා දෙන්නටම කතා කරා.දෙන්නම සාලෙට ගියා.
"කෝ තොපි දෙන්නා මේ පැත්තට වත් ආවේ නෑනේ ආපු වෙලාවේ ඉදං"
"නෑ එන්න හිටියේ මාමා.මේ ආවේ දෙයියනේ මම"
රසිදු හිනා වෙවී කිවුවා.
"ඒකනේ චමින්ද මාමා.කෑවද ඉතිං"
දෙන්නම චමින්ද මාමා ගාව වාඩි උනා.දැං ඔතිං නැගිටිනවා බොරු.ටික වෙලාවක් ඵේ කියව කියව ඉදලා චමින්ද මාමා ශාන්ගේ අතට කාර් එකේ යතුර උන්නා.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...