ශාන් එයාගේ ඉස්සරහ හිටගෙන ඉන්න තව මොහොතකින් එයාගේ හස්බන් වෙන මනුස්සයා දිහා බලං හිටියේ හරිම ආදරෙන්.ශාන්ගේ අතේ තව ලස්සන මුද්දක් තිබ්බා.හැබැයි ඒ මුද්ද වෙනස් මොකද ඒක එයාලගේ මගුල් මුද්ද.
ශාන් වෙවුලන අත් වලිං ඒක රසිඳුගේ අතට දැම්මා.
"රසිඳු මම මේක ඔයාට සිය දහස් වාරයක් කියලා ඇති.ගොඩාක් තෑන්ක්ස් මම වෙනුවෙන් ඉවසුවාට.ගොඩාක් තැන්ක්ස් මම කොච්චර අපි දෙන්නව අතාරින්න හැදුවත් තනියම රිදි රිදී හරි මාව අල්ලගෙන හිටියට.
ඔයා එදා මාව අතෑරියා නම් අද මම වගේම තව ගොඩක් අය දුකින්.මම ඔයාට ආදරෙයි. හැමදාටම ඔයා ගාව ඉන්න මම පොරොන්දු වෙනවා."ශාන්ගේ කම්බුල් දිගේ ගලන කඳුලු හිමීට පිහදපු රසිඳු ශන්ගේ අතට එයාගේ මුද්ද දැම්මා.
"මම එහෙම අල්ලගෙන හිටියේ ඒ ඔයා නිසා.ඇත්තමයි ශාන් ඔයා නොදන්නවා උනාට ඔයා මං ගාව හිටියේ පොඩි එකෙක් විදිහට මට දරාගන්න පුල්‍ය්වං දෙවල් මම කරද්දි නෙවේ.කොහේ වැටිලා හිටියත් මාව ඉතිං උස්සං ගෙදර එන්න ඔයා හිටියනේ ඒ දවස් වල.එදා ඔයා නොහිටින්න සමහර විට මම මෙලහකට කොහෙ හරි හිරේක ගිහිල්ලා.ඒ නිසා මට තෑන්ක්ස් කරන්න එපා මම කරපු හැම දෙයක්ම මම කරේ ඔයා ඒ දේවල් වලට වටින මනුස්සයෙක් නිසා.මම ඔයාට ගොඩක් ආදරෙයි.මම පොරොන්දු වෙනවා ඔයා මාත් එක්ක ඉන්න තරම් කාලයක් මාත් ඔයත් එක්ක ආදරෙන් ඉන්නවා"
රසිඳු අවසානෙට ශාන්ගේ නලල උඩින් උනුහුම් හාදුවක් තිබ්බේ මංගල සභාවේ හිටපු හැමෝගෙම සතුටු ඝෝශා මැද.
ඊලඟට එක්කෙනාගෙන් එක්කෙනා ඇවිත් එයාලට සුභ පතන්න ගත්තා.
"අම්මෝ ඉතිං උඹ බැන්දා නේද බං"
ඒ නම් වෙන කවුරුත් නෙවේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි නෙත්මි තමා.
"හැබැයි බැඳපු එකාට නම් මම තාම කැමති නෑ."
නෙත්මි ශාන්ට සයිඩ් අයි දෙන ගමං කිවුවා.ඒත් මේ පාර නම් ශාන් කට වහගෙන හිටියේ නෑ.
"ඔයා කැමති කෙනා බඳින්න ඔයා මොකෝ රසිඳුගේ අම්මද නෑනේ 🙄🙄"
නෙත්මිගේ මූන රතු වෙලා ගියා
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...