part 37

1.1K 144 9
                                    

රසිඳු වාහනේ පාර අයිනෙන් නතර කරේ ශාන් එයාගේ ඇස් වලින් වැටෙන්න එන කඳුලු නවත්තන්න ලොකු උත්සහයක් ගන්නවා දැකලා.

එයාගේ සීට් බෙල්ට් එක වගේ ශාන්ගේ සීට් බෙල්ට් එකත් ගලවපු රසිඳු ශාන්ව එයාගේ පැත්තට ඇදලා ගත්තේ එයාව පරිස්සමට බදා ගන්න ගමං.

"දුක් වෙන්න එපා.මිනිස්සු අතින් වැරදි වෙනවා.දැං හැමෝම සතුටින්.දැං ඔයත් සතුටින් ඉන්න ඕන තේරුනාද?"

රසිඳුගේ තුරුලේ තිබ්බ උණුහුමට ශාන්ගේ කඳුලු ගලාගෙන ආවේ එක අතකට එයාගේ ඔලුවට දැනුන නිදහස නිසා වෙන්න පුලුවං.

රසිඳු ශාන්ගේ තොල් උඩින් උනුසුම් හාදුවක් තිබ්බේ හැමදේම හරි මම ඉන්නවා ඔයා එක්ක කියන එක ශාන්ට අඟවන ගමං.

"කෝ දැං ඉතිං ටිකක් හිනා වෙන්න"

රසිඳු ශාන්ගේ රතු වෙලා තියන නහය ලාවට මිරිකන ගමං කිවුවා. ශාන්ටත් හිනා ගියේ රසිඳු එයා ලඟ ඉන්න එක ගැන එයාට සැනසීමක් දැනුන නිසා.

දෙන්නා ආපහු යන්න පටංගත්තේ අද ටිකක් නිදහසේ ඉන්න තියන දවස නිසා.

"මට සතුටුයි නේහට කෙනෙක් හම්බ උන එක ගැන.එයා සතුටින් ඉන්න එක ගැන මට ලොකු නිදහසක් දැනෙනවා"

ශාන් රසිඳුට කිවුවා.

"හ්ම්ම් ඒක ඇත්ත.මටත් ඇත්තටම ලොකු බරකින් නිදහස් උනා වගේ දැනෙනවා.ඒත් නෙත්මිට කොහොමද කියලා මට හිතා ගන්න බෑ"

ශාන් ටිකක් කුතුහලේකින් රසිඳු දිහා බැලුවා.

"ඇයි නෙත්මිට මොකද?"

"නෑ නෙත්මී මායි දෙන්නා ඔය දෙන්නට කැමති වෙන්න පටං ගත්තේ ඉස්කෝලේ යන කාලෙම.මට ඔයාව ලැබුනට.නෙත්මිට නේහව ලැබුනේ නෑ.ඉතිං නෙත්මි පවු කියලා හිතෙනවා මට"

රසිඳු අන්තිම ටික කිවුවේ ගොඩක් දුකින්.

"වා...හ් මාර යාලුවෝ දෙන්න තමා උඹලා දෙන්නත්.".
ශාන්ට පොඩ්ඩක් හිනා ගියේ ඇත්තටම එයාලා හතර දෙනාගේ අතරේ වෙලා  තියන දේවල් හරියට ෆිල්ම් එකක් වගෙ නිසා.

"ඉතිං දැං ඔයා නෙත්මි එක්ක කතා කරනවද ආපහු"

"හ්ම්ම් ඔව් කතා කරන්න එපැයි.අද මම කෑ ගැහුවත්නේ "

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlWhere stories live. Discover now