ප්‍රථම ප්‍රේමය ඔහු විය
14 කොටස
තේ වත්ත මැද තියන ලොකු කලු ගලක් උඩට වාඩි වෙලා පොතක් බල බල ඉන්න ශාන් ගාවින් රසිඳු ගිහිං හිමීට වාඩි උනේ කිසිම සද්දයක් නොදැනෙන විදිහට.මොකද රසිඳු දන්නවා ශාන් මේ දවස් වල exam එකට බැහැලම වැඩ කියලා.
ඒ නිසා ශාන් පාඩම් කරන වෙලාවට කිසිම බාදාවක් නොකර ඉන්න රසිඳු හැම වෙලාවකම වග බලාගත්තා.
ශාන්ටම කියලා අරගෙන ආවත් සුවඳ ඉවසන්න බැරි නිසා අතේ තිබ්බ බැදපු රටකජු මල්ලෙං අහුරක් අරගෙන රසිඳු කටේ දාගත්තා.ඒ සුවඳටම ශානුත් වට පිට බලන්න ගත්තේ මේ තේ වත්ත මැද රටකජු කොහෙන්ද කියලා හොයාගන්න ඕන නිසා.
"ආ...හ්"
එයා ගාවින්ම වාඩිවෙලා හිටපු රසිඳුව දැකපු ශාන් බය වෙලා කෑ ගැහුවා. තව ටිකෙං ගල පහලට රෝල් වෙලා යනවා.නූලෙං බේරුනේ ..
"බය උනා මනුස්සයෝ දෙයියනේ මගේ පපුව"
ශාන් පපුවට අත තියාගන්න ගමං කිවුවා.
රසිඳු මොකුත් නොකියා හිනා වෙලා අතේ තිබ්බ රටකජු බෑග් එක ශාන්ගේ අතට දුන්නා.
"හුම්ම් තෑන්ක්ස්"
ශාන් ඒකෙන් අහුරක් අරගෙන කටේ දාගන්න ගමං එයාගේ අවදානේ ආපහු පොතට දුන්නා.
රසිඳුත් ඊට වඩා කතා නොකර ඉයර් ෆෝන් දෙකත් ගහගෙන සින්දුවක් අහන්න ගත්තා.
......................................................................................
රසිඳු එයාගේ ඉයර් ෆෝන් දෙක ගැලෙවුවේ ශාන් එයා දිහා බලාගෙන ඉන්නවා දැකලා.
"මොකෝ.."
රසිඳු ශාන්ගෙන් ඇහුවා.
"අවුරුදුත් ලඟයි නේ බං."
"හ්ම්ම් ඒක තමා.අම්මා ඊයේ මට කිවිවා ගිහින් ඇඳුම් දෙක තුනක් ගන්න කියලා."
"හ්ම්ම් මටත් කිවුවා තමා.යමුද වෙලාවක."
ශාන් රසිඳුගෙන් ඇහුවා.
"හ්ම්ම් හා යමං ඉතිං"
"ම්ම්ම් මේ සෙනසුරාදා යමු. හෙට නේහා එනවා කිවුවා.එයාටත් රෙදි ගන්න ඕනලු. මට එන්න කිවුවා."
VOUS LISEZ
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Roman d'amourපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...