ශාන් අම්මයි නේහයි කතා කරන දිහා බලාගෙන හිටියේ අම්මගේ මූන තිබ්බ හිනාවට ආස හිතුන නිසා.
එහෙම්ම පැත්තකට වෙලා වාඩි වෙලා හිටපු රසිඳු දිහා ශාන්ට බැලුනේ නිකන්ම.ඔව් ඒ ඇස් වලිං කඳුලු වැටෙන්න ඔන්න මෙන්න වගේ. රසිඳු හිමීට ශාන් දිහා බැලුවා.ඇස් හම්බ වෙනවත් එක්කම රසිඳුගේ ඇස් වල පිරිලා තිබ්බ කඳුලු කම්බුල් දිගේ ගලන්න පටං ගත්තා.
ඒක දැකපු ශාන්ට දැනුනේ එයාගේ පපුව ගැලවෙලා යන්න හදන්වා වගේ. ඒ ඇස් වල තිබ්බ වේදනාව ශාන්ට දැනුනේ හරියට කවුරු හරි එයාගේ පපුව පසාරු කරගෙන යනවා වගේ.
හිමීට කාටවත් නොකියා රසිඳු නැගිටලා කුස්සිය පැත්තට ගියා.ශානුත් ඒ පස්සෙන්ම ඇවිදගෙන ගියේ එයාටත් ඇඬෙන්න ආපු නිසා.
"රසිඳු ඔහොම ඉන්න"
රසිඳු එහෙම්ම හිටපු තැනම හිටගත්තා ඒත් ආපහු හැරුනෙ නෑ.
"රසිඳු මං දිහා බලන්න"
ශාන් ඇහෙන නෑහෙන ගානට කිවුවේ ගෙදර ඉන්නේ කියලා මතක නිසා.
"මට බෑ මගේ පාඩුවේ මම ඉන්නම්.මට තවත් ඔයාව ලැබෙන්නෙ නෑ කියලා මම දන්නවා.සතුටිං ඉන්න ඒ කෙල්ලට වත් දුක් නොදී ඉන්න"
"රසිඳු මං දිහා එක පාරක් බලන්න"
කඳුලු පිහගත්ත රසිඳු කිසිම වෙනසක් නෑ වගේ හැරිලා ශාන්ට හිනා උනා.
"යමු ඉස්සරහට ඉතිං "
රසිඳු ශාන්ගේ කරට අත දාගෙන ඉස්සරහට ගියා.ශාන්ට මොනා කියන්නද මොනා කරන්නද කියලා හිතාගන්න බෑ.
ශාන් එතනිං පස්සේ කිසිම දුකක් නෑ වගේ හැසිරුණ විදිහම ශාන්ට පුදුමයි වගේ.එයා එක්ක හිනා වෙලා කතා කරපු හැමදාකම රසිඳු දුකින්ද ඉන්න ඇත්තේ.
ශාන්ට එහෙම හිතුනා.
හවස් වෙලා ශාන් නේහව පාර ගාවට දාලා ආපහු ගෙදර එද්දි දැක්කේ ඇල්ල පැත්තට ඔහේ ඇවිදගෙන යන රසිඳුව.ශාන්ට ඕන උනා රසිඳුට කතා කරන්න.ඒත් හිතට හයියක් නෑ වගේ.ශාන් හිමීට හිමීට රසිඳුගේ පස්සෙන් ඇවිදගෙන ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා.
රසිඳුව වෙවුලනවා ඒක ශාන්ට පේනවා.එයාගෙන් පෙනුනේ හරිම දුර්වල පෙනුමක්.ඒක දකින දකින මොහොතක් ගානේ ශාන්ට හිතුනේ කවුරු හරි එයාගේ පපුවට ආපහු ආපහු පිහියකින් අනිනවා වගේ.
ESTÁS LEYENDO
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...