part 35

1.1K 158 7
                                    

"ඇයි දැං මාත් එක්ක මෙතනින් බැස්සේ "

ශාන් රසිඳුගෙන් ඇහුවා.

"ඉතිං මම යන තැනත් තියෙන්නේ මේ ලඟම තමා"

රසිඳු ශාන්ව මගෑරලා ඉස්සරහට ගියේ ශාන්ගේ එරවිල්ලයි ගෙරවිල්ලයි ටිකක් සීරියස් වගේ දැනුන නිසාමයි.

ඒත් අන්තිමට දෙන්නම පුදුම උනේ දෙන්නම එකම තැන නතර වෙලා ඉන්නවා දැක්ක නිසා.

"ඔයත් මෙතනද දැං internship එක කරන්නේ."

"ඔව් ඉතිං මෙතන තමා.අපේ අක්කගේ හබියගේ යාලුවෙක් මෙතන වැඩ කරන්නේ.එයා ලෝයර් කෙනෙක් ඉතිං මට මෙතන සෙට් උනා ඒ නිසා.අනික මට ඩිග්‍රිය අතට ගත්ත ගමං මෙත්නම වැඩ කරන්නත් පුලුවං"

රසිඳි ශාන්ට පැහැදිලි කරා.

"ඒ මරුනේ 😍😍. අපි දෙන්නට හැමදාම එකට වැඩට එන්න පුලුවං.හැමදාම එකට වැඩ ඉවර වෙලා යන්නත් පුලුවං"

ශාන්ගේ මූන සතුටින් පිරිලා ගියේ රසිඳුගේ මූනටත් හිනාවක් ගේන ගමං.

"හ්ම්ම් දැං යමුකෝ ඇතුලට"

දෙන්නම ඇතුලට ගියා.රසිඳුටත් දැනට හන්බ උනේ තවත් ලෝයර් කෙනෙක්ගේ සෙකට්‍රි කෙනෙක් විදිහට වැඩ කරන්න.රසිඳුට නම් මාස 6ක් සෙකට්‍රි විදිහට වැඩ කරන්න ඕන.ඊලඟට graduate වෙලා ආපු ගමන්ම රසිඳුට වැඩ කරන්න පුලුවං කම තිබ්බා.

ශාන්ට කල් යන්න යන්න එයා කරපු දේවල් ගොඩක් අමතක උනත් එයාගෙ හිතේ තාම නේහගෙන් සමාව ගන්න තිබ්බ උවමනාව ගිහිල්ලා නෑ.කමක් නෑ නෙහා සමාව නොදුන්නට ඒත් ශාන්ට සමාව ගන්න ඕන.එයාට නේහා වෙනුවෙන් කරන්න පුලුවං පොඩිම දේ ඒක තමා.ඒ වගේම කවද හරි නේහව හොඳට බලාගන්න පුලුවං කෙනෙක් නේහට හම්බ වෙනවා දකින එක ශාන්ගේ ලොකුම බලාපොරොත්තුව උනා.

කාලේ හෙමීට ගෙවිලා ගියේ ශාන් සෙකට්‍රි කෙනෙක් විදිහට වැඩ කරන මාස දෙකත් ඉවර කරන ගමං.එත් එක්කම ශාන්ට එයාගේ පලවෙනි කේස් එක හම්බ උනා ලෝයර් කෙනෙක් විදිහට.ඒක ඩිවෝස් කේස් එකෙක්.මොනා උනත් හම්බ උන පලවෙනි කේස් එක නිසා ශාන් ගොඩක් සතුටින් හිටියේ.එයාගේ පොඩි කැබින් එකෙන් ශාන් එලියට ආවේ රසිඳුව හොයාගෙන.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlWhere stories live. Discover now