ශාන්ගේ වගේම රසිඳුගේ ජීවිතේ ගෙවිලා ගියේ හරිම කාර්‍යබහුල වගේම ආදරණීය විදිහට.දෙන්නම එකම තැන වැඩ කරන නිසා අමුතුවෙන් දෙන්නා වෙනුවෙන් වෙලාව වෙන් කරන්න උවමනාවක් දෙන්නටම තිබ්බේ නෑ.
දෙන්නට ආශ්‍රය කරන්න හොඳ යාලුවෝ සෙට් එකකුත් හම්බ උන නිසා නිවාඩු දවස් උනත් හරි ලස්සනට ගෙවිලා ගියා.
දෙන්නගේ සම්බන්දේ පටං අරගෙන අවුරුදු 5කුත් ගෙවිලා ගිහින් තිබ්බා.ශාන්ට දැං වයස 31ක් ඒ වගේම රසිඳුට 30ක් . මේ අවුරුදු 5ටම තව එක දෙයක් වෙනස් උනා.ඒ තමා රසිඳුලාගේ ගෙදර තත්වේ.රසිඳුත් ශාන් වගේම එයාගේ ගෙදරට කිවුවා.අම්මා මුලින්ම විරුද්ධ උනත් පස්සේ කැමති කියලා පෙන්නුවා ඒත් තාම ඒක ඒ තරම් හොඳ තත්වෙක නෑ.තාත්තා සම්පූර්ණයෙන් ම විරුද්ධයි.හැබැයි අක්කා නම් සපෝට්.
ශාන්ගේ අයියලා දෙන්නා ශාන්ගේ මේ තීරණේට විරුද්ද උනත් ශාන් එක්ක කතා බහ කරලා හිටියා.අයියලා දෙන්න බැඳලා ඉන්න අක්කලා දෙන්නා නම් සතියට දෙපාරක් වත් ශාන්ට කතා කරා.අම්මයි,තාත්තයි දෙන්නම තාම කිසිම ධනාත්මක ප්‍රතිචාරයක් දුන්නේ නෑ.
ඒත් දෙන්නා හිටියේ ගොඩක් සතුටෙන්.මොකද ඒ පැත්තෙන් දෙන්නා ගොඩාක් හිත රිදුන උනත් හැම වෙලාවකම දෙන්නා ලඟින් ඒ දෙන්නම ඉන්න නිසා.
දෙන්නා එකතු වෙලා අලුත් ගෙදරක් වගේම අලුත් වාහනේකුත් මේ වෙනකොට අරගෙන තිබ්බා.
ඒ වගේම තවත් දෙන්නගේ ලොකුම ගෝල් එකක් වෙන තමන්ටම කියලා ඔෆිස් එකක් හදාගෙන දෙන්නා මේ වෙනකොටත් තවත් කොටස් කාරයෝ කීප දෙනෙක් එක්ක ලෝ ෆර්ම් එකක් පටං අරගෙන තිබ්බා.ඒ වගේම දෙන්නගේ තනිය මකන්න ලස්සන බල්ලො දෙන්නෙක් එයාලගේ ගෙදර සම්පූර්ණ කරා.
පුංචි පුංචි රණ්ඩු මැද්දේ උනත් දෙන්නගේ ජීවිතේ ලස්සනට ගෙවිලා ගියා.හැබැයි ගොඩාක් වෙලාවට දෙන්නගේ ආදරේ ගෙදර බිත්ති හතරටම කොටු උනේ ලංකාවේ නිදහසේ ඒ දෙන්නට ආදරේ කරන්න අමාරු නිසා.ඒත් සමහර වෙලාවට ලෝකේ මොනා හිතුවත් දෙන්නගේ ලෝකේ තනිවෙන්න දෙන්නා අමතක කරේ නැහැ.
ශාන්ට ආරන්චි උනා නේහා මීට අවුරුදු 3කට උඩදි බැන්දා කියලා.ඊට වඩා තොරතුරු හම්බ නොවුනේ එයාලගේ එකම තොරතුරු බෙදාහරින්නා උන නෙත්මි කිසිම වෙලාවක නේහා ගැන වැඩි තොරතුරු එයාලට නොදුන්න එකයි.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...