ප්‍රථම ප්‍රේමය ඔහු විය.
13 කොටස.
ශාන් අත වත් ගැන නොහිතා කෙලින්ම ආවේ කාඹරේටම දුවගෙන.
ශාන්ව උන දේ නිසාම වෙවුලනවා වගේ.මොකද ඒක ශාන් වෙයි කියලා නිකමටවත් හිතපු නැති දෙයක්.මේ වෙලාවේ දැනෙන බය වගේම සතුට දුක ඔක්කොම මිශ්‍ර උන හැඟීම ශාන්ට දරාගන්න අමාරුයි වගේ.
ශාන්ට එන කඳුලු නවත්ත ගන්න බෑ.එක පාරම රසිඳුටත් අනිවාරෙන්ම එයා ගැන කැමැත්තක් තියනවා කියලා දැනගත්ත ගමන් ශාන්ට ආපු පලවෙනි සිතුවිල්ල පැනලා යන එක.
එක පාරම අම්මා තාත්තා අයියලා ඔක්කොම ශාන්ට මැවිලා පේන්න ගත්තේ හරියට එයා තමංගේ අයට ලොකු වැරැද්දක් කරනවා වගේ හැඟීමක් හිතට දැනෙද්දිමයි.
"දෙයියනේ මොකක්ද මේ වෙන්නේ. මම මොකක්ද දැං කරන්නේ."
..............................................................................
එදයින් පස්සේ සතියක් විතර ශාන් රසිඳුව මගෑරියා කාස්ට් එකත් දාගෙන ඉස්කොලෙ ගියාට මොකද හැමදාම රසිඳු එන වෙලාවට කලිං ගෙදරින් ගියා. නේහටත් ශාන්ගේ ලොකු වෙනසක් තේරිලා තිබ්බත් අහන හැම වෙලාවකම අවුලක් නෑ කියපු නිසා නේහ ආපහු ආපහු අහන්න ගියේ නෑ.
රසිඳු ශාන්ට වද නොදී ඉන්න තීරණේ කරේ උන දේවලුත් එක්ක හිත හදාගන්න ශාන්ට වෙලාවක් ඕන කියලා තේරුන නිසා.
ඒත් සතියක්ම කතා නොකර හිටපු එකට නම් රසිඳුට ටිකක් අවුල් ගිහිල්ලා හිටියේ ඒ නිසාම අද උදේම ලෑස්ති වෙලා රසිඳු ශාන්ලගේ ගෙදර ඉස්සරහට ගියා. 6.15 විතර වෙද්දී ශාන් පාරට ආවේ ඉස්කෝලෙට යන්න.
"ශාන් පොඩ්ඩක් ඉන්න."
රසිඳුගේ කට හඬ ඇහෙනවත් එක්කම ශාන් එතනම ගල් ගැහුනා වගේ නැවතුනා.රසිඳු ලඟට එනවා කියලා දැනුන ගමන් ශාන් දුවන්න ගත්තේ තාම එයාට රසිඳුට මූන දෙන්න බෑ කියලා හිතුන නිසා.
"හරි දුවපංකෝ එක ගමේනේ ඉන්නේ. දුවන හැටි විතරක් පුca කැඩිච්ච කඩියා වගේ. උස්සං යනවා පගයව හිතුනොත් ... ආ...හ් මට එන තරහ. "
රසිඳු යකාම නැගපු පාර කෑ ගැහුවා.ඒක ඇහුනට පස්සේ නැවතිලා පිටිපස්ස බලපු ශාන් රවලා මැද ඇඟිල්ල පෙන්නලා ආපහු දුවන්න ගත්තා.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...