part 30

1.3K 158 27
                                    

රසිඳු ඉස්සර වගේ ශාන්ගේ ලඟට එන්නේ නෑ කතා කරන්නේ නෑ.ඒත් දකින හැම වෙලාවකම ලස්සනට හිනා වෙනවා.9 වසරේ ඉන්න කාලේ පලවෙනි වතාවට ක්‍රශ් එක හිනා උනා වගේ හැඟීමක් ශාන්ට ඒ හිනා වෙන හැම වෙලාවකම දැනෙනවා.

වෙනද වගේම ශාන්ව කැම්පස් එකේ දැකපු රසිඳු ශාන්ට ලස්සන හිනාවක් දාගෙන එතනින් යන්න ගියා.ඒක දැක්ක ගමං හුස්ම හිර උනා වගේ දැනුන ශානුත් රසිඳුට හිනා උනා.

"ශා...න්"

නේහා ඇදලා ශාන්ගේ නම කිවුවා.

"ම්ම්ම්"

ශාන් නේහගෙං ඇයි ඇහුවා.

"ඇයි රසිඳු මල්ලි දැං කතා නොකරන්නේ. එයා තරහයි කියලා හිතන්න බෑ.හැමදාම හිනා වෙනවත් ඔයාට?"

"ආහ් ඒක අපි දෙන්නගේ පොඩි bet එකක්. ඒකයි කතා නොකර ඉන්නේ"

ශාන් ඔහේ කියලා දැම්මා.රසිඳු එක්ක හැමදේම කතා කරාට පස්සේ ශාන්ගේ හිතට දැනෙන්නේ පුදුම නිදහසක්. ඒ නිසා රසිඳු වචනයක් කතා නොකරා කියන එක ශාන්ට දුකක් උනේ නෑ.

ඒත් වෙන ප්‍රශ්නයක් තිබ්බා.මාසයකට දෙකකට වඩා ශාන්ගේ වෙනස්වීම දරාගෙන හිටපු නේහා අන්තිමට ශාන්ගෙන් උත්තර අහන්න ගත්තා.

"ශාන් මොකක්ද උනේ?
ඔයා වෙනස් වෙලා..
මම මොකක් හරි වැරැද්දක් කරාද?
මාව එපා වෙලාද?
මට ආදරේ නැද්ද?
ඔයා ප්‍රශ්නෙකද ඉන්නේ?"

ඔය වගේ ප්‍රශ්න කෝටියකින් ශාන්ගේ කන්දෙක පිරිලා තිබ්බේ.

ඒ හැම වෙලාවකම නෑ final exams ලඟ නිසා මම ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ කියලා ශාන් බේරුනා.ඒත් නේහා ඒක විශ්වාස කරේ නෑ.

අදත් ඒ වගේම දවසක්.දෙන්නම ටිකකට එලියට ආවේ කලිං දවස් ටිකම ස්ටඩීස් වලට හිර වෙලා හිටපු නිසාමයි.

නේහා ශාන්ගේ මූන හිමීට එයාගේ පැත්තට හරවලා චූටිම චූටි හාදුවක් ශාන්ගේ තොල් උඩින් තිබ්බා.ඒක තප්පර දෙක්කට තුනකට වඩා දිග එකක් නෙවෙයි.

ඒත් ශාන් නොදැනිම නේහව එයාගෙන් ඈතට තල්ලු කරා.

"මෙතන මිනිස්සු ඉන්නවා නේහා!!"..

ශාන් සැරෙන් නේහට කිවුවා.

නේහා මොකුත් කිවුවේ නෑ.ඒත් ඉවසලා ඉවසලා බැරිම තැන නේහගේ ඇස් වලිං කඳුලු ගලාගෙන ආවා.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlWhere stories live. Discover now