part 34

1.1K 168 13
                                    

මුලින්ම හැමෝටම දෙයක් කියන්න ඕන
සොරි කතාව දාන්න හැමදාම පරක්කු වෙනවට.
මම තව මාස 3කින් A/L තියාගෙන ඔයාලට කතාව දෙන්නේ.අනික මම කරන්නෙත් bio. මට ලේසි නෑ මේ කතාවට වෙලාව වෙන් කරන්න 🥺🥺.
ඒ නිසා ඉවසීමෙන් මම කතාව දානකල් බලං ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.මට මේක නවත්තලා නිකං ඉන්න පුලුවං ඒත් මම දන්නවා.මේක් දෙනකල් බලං ඉන්න කට්ටියක් ඉන්නවා කියලා.ආදරෙයි ඔයාලා හැමෝටම.
මම කතාව දැම්මම ඉස්සර වගේම comment එකක් දාන්න මොකද ඔයාලා වෙනුවෙන් මගේ වෙලාව මම වෙන් කරනවනේ ඉතිම් 🥺.

...............................................................................................................

රසිඳු ගෙදරට යනකල්ම ශාන් එක්ක වැඩි කතා බහක් තිබ්බේ නෑ.රසිඳුගෙ හිතේ තරහක් නැති උනත් මොකක්දෝ වේදනාවක් තිබ්බා.ශාන් දොර ඇරගෙන ඇතුල ඇවිත් දොර වහනවත් එක්කම රසිඳු ශාන්ව එයාගේ තුරුලට ඇදලා ගත්තා.ශාන්ගේ තොල් රසිඳුගේ තොල් අතරට අහු වෙද්දි ශාන් ඇස් දෙක වහගත්තේ මාස ගානකින් ලැබුන සුපුරුදු උනුහුම විඳගන්න ගමන්මයි.

දෙන්නම් මිනිත්තු ගානක් දෙන්නගේ ලෝකේ තනිඋනේ දෙන්නටම දෙන්නව නැතුව කොච්චර නම් පාලුද කියන එක හොඳටම දනවන ගමන්.

රසිඳු ශාන්ගෙන් තොල් වලින් ඈත් උනේ ශාන්ව තව තවත් එයාගේ ඇඟට තද කරලා බදාගන්න ගමන්මයි.

"මම හිතුවේ කතා කරපු විදිහට ඔයා තරහෙන් ඇත්තේ කියල"

ශාන් රසිඳුගේ බෙල්ල අස්සේ එයාගේ මූන හංගගන්න ගමං කිවුවා.

"නෑ මට තරහ නෑ මට දුකයි.ඇයි මට කිවුවේ නැත්තේ ගෙදර ප්‍රශ්න ගැන ම්ම්"

"ඔයා final year එකේ හිර වෙලා ඉද්දි මම කොහොමද ඔයාට ඒවා කියන්නේ ම්ම්"

"ඒත් ඔයා ඒක කිවුව නම් මම ඒ වෙලාවෙම දුවගෙන එනවා "

රසිඳු ශාන්ගෙන් ඇත් වෙන ගමං කිවුවා.

"ම්ම් ඔන්න ඕක තමා මම නොකියන්න හේතුව මෝඩ ගහ 😅"

ශාන් හිනාවෙන ගමං කිවුවා.රසිඳු ශාන් දිහා හොඳට බැලුවා.ශාන් හොඳටම කෙට්ටු වෙලා වගේම මූනේ තියන මහන්සි ගතිය රසිඳුට හොඳට තේරුනා.

"හ්ම්ම් ඔව් මම තව ටිකක් පරක්කු උනා නම් එහෙම මට ඇටකටු ටික තමා හොයාගන්න වෙන්නේ.මොකද මේ නිකං ඇටසැකිල්ල වගේ කෙට්ටු වෙලා ආහ්. "

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlTahanan ng mga kuwento. Tumuklas ngayon