ප්‍රථම ප්‍රේමය ඔහු විය
4 කොටස.
කලිං දවසේ වෙරි මතෙත් එක්කම ඇඳුමක් දාගත්ත ගමං රසිඳු හෙමින් සැරේ ශාන්ලගේ ගෙදරට ඇදුනේ සුපුරුදු පරිදි ශාන්ගේ තේ කෝප්පේ බාගෙයක් බීලා දවසේ වැඩ කටයුතු පටං ගන්න.
රසිඳු ශේප් එකේ ගෙට ඇතුල් වෙනවත් එක්කම ගැස්සිලා ගියේ ආදරනීය නැන්දාගේ ආදරනීය ඇස් දෙක දැකලා.වෙන කවුරුත් නෙවේයි ශාන්ගේ අම්මා.
"හෙහ් හෙහ් නැන්දේ මොකෝ මේ"
"වරෙං පොඩි නසරානියා මෙහෙට. මම හොඳට බලාගෙන තෝ ඊයේ කටේ ගහගෙන බියර් බොනවා"
රසිඳු හිනාවෙවී ලඟට ගියත් ආපහු අඩි දෙකක් පිටිපස්සට උනේ ශාන්ගේ අම්මගේ අතේ තියන බෙල්ට් එක දැකලා.
"හනේ බුදු රේණු අක්කේ."
රසිඳු ශාන්ගේ අම්මගේ නම කියලා කෑ ගැහුවේ බේරෙන්න ඕන නිසා.ඒත් ඒක බොරු වැඩක්. බෙල්ට් එකේ පාර හිටින්නම හොඳ පාරවල් ටිකක් නම් රසිඳු කෑවා. මේක ඇත්ත වශයෙන්ම කියනව නම් ඉතාමත් සුලබ දර්ශනයක්.
රසිඳු පැත්තකට වෙලා කොන්ද අත ගගා ඉද්දී ශාන් ආවා.
"🤣 හොඳ වැඩේ ප#යට මම කිවුවා එපා කියලා"
ශාන් හිනා වෙන ගමන් කිවුවා.
"අනේ පල යන්න.රිදෙනවා යකූ"
"මම දන්නවා ඉතිං රිදෙන්නනේ ගහන්නේ 🤣"
"ඉතිං උඹ තේ බිවුවද?"
"නෑ නෑ බං උඹ එනකල් හිටියේ.හිටිං මම හදාගෙන එන්නම්"
"හනේ මගේ වස්ටුව. ඕකනේ මම ආදරේ ඉතිං"
"හා හා ඇති තොගේ බටර් . "
ශාන් හිමීට කුස්සිය පැත්තට ගියේ තේ එකක් හදාගන්න.රසිඳුත් ඒ පස්සෙන් හිමීට ඇවිදගෙන ගියා.අංජලී අක්කයි,ඉශී ඩබලම ශාන්ගේ අම්මා හදපු අලුවා කෑල්ලකුත් කන ගමං තේ එකක් බිබී හිටියා . ශානුත් තේ එකක් හදාගෙන රසිඳු එක්ක කාඹරේට ගියා.
"මෙහ් යමන්ද අද දොල පැත්තේ නාගෙන එන්න."
රසිඳු ඇහුවේ හුඟ කාලෙකින් ඒ පැත්තේ ගියේ නැති හින්දා.
"අඩෝ මරු අදහස බං. යමං මොකද කියන්නේ ක්‍රිශානයාවයි, චතුවවයිත් ගෙන්න ගමු"
ESTÁS LEYENDO
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...