ප්‍රථම ප්‍රේමය ඔහු විය
9 කොටස
"ආ....හ් මට නම් පිස්සු හැදීගෙන එන්නේ ඒ පාර. එතකොට මම gay ද 😩?? මේ අවුරුදු 18ටම කෙල්ලෙක් ගැන හිතුනෙවත් නැති එකෙන් මට හිතාගන්න තිබ්බා හැබැයි. දෙයියම්ගෙම පිහිටයි දැන් නම්"
රසිඳු ඩෙස් එකේ ඔලුව තියාගෙන හිතන්න ගත්තා.ලොකු ඔලුවේ කැක්කුමකුත් ඇවිල්ලා තිබ්බේ අලුතෙන් ඇවිත් එයාගේ හිතේ හොල්මන් කරන හැඟීම් එයාට වදයක් උන නිසා. මේ හැඟීම් මොනාද කියලා හොඳටම දැනගෙන හිටියත් ඒවා පිලිගන්න රසිඳු තාම ලෑස්ති වෙලා නෑ.
කොච්චර වෙලාවක් ඩෙස්ක් එකේ ඔලුව තියාගෙන හිටියද කියලා රසිඳුට සිහියක් තිබ්බේ නෑ.මොකක් හරි හේතුවක් නිසා පන්තියට ආපු කිසිම ගුරුවරයෙක් රසිඳුව ඇහැරවන්න ගියෙත් නෑ.
ඒත් රසිඳු එක පාරම ඇහැරුනේ එයාගේ කොන්ඩේ අතරින් එහාට මෙහාට යනවා දැනුන සිපුරුදු ඇඟිලි ටික නිසා. රසිඳු ඔලුව උස්සලා බලනවත් එක්කම දැක්කේ එයගේ මේසේ ලඟ හිටගෙන ඉන්න ශාන්ව.
ශාන් එයාගේ අත රසිඳුගේ නලලේ තියනවත් එක්කම එයාගේ ඇස් පියවෙලා ගියේ ඒ අත් වල තිබ්බ උනුහුමට.
"මොකෝ ඇයි සනීප නැද්ද? නැත්තං ඊයේ රෑ බීපු ඒවටද?"
"ම්ම් බීපු එකට 😊"
රසිඳු හිනා වෙන ගමං කිවුවා.
"ඇයි මේ පැත්තේ? "
රසිඳු ඇහුවා.
"අහ් මේ අපේ විද්‍යාව මිස් විශ්‍රාම යනවලු මට දැං ඒකට උත්සවේ organize කරන්න තියනවා.ඒකේ වැඩ වගේකට ආවේ. දැං මේ ඔයාලගේ පන්තියේ ලමයින්ට විස්තර කියලා ඉවර උනා විතරයි"
ශාන් ශිෂ්‍ය නායකයෙක් හැටියට ඉස්කෝලේ සෑහෙන්න වැඩ කරනවා. ඒත් ඉගෙන ගන්න එකත් හොඳටම කරගෙන යනවා. රසිඳුට නම් ඉගෙන ගන්න අදහසක් ඇත්තෙම නෑ.
තව ටිකක් කියව කියව ඉඳලා ශාන් ක්ලාස් එකෙන් ගියා.
රසිඳු එයාගේ එක අතකින් පපුව අල්ලගෙන ආපහු මේසේ ඔලුව ගහගත්තේ හදවත ගැලවිලා එලියට එන්න හදනවා වගේ දැනුන නිසා.ලාවට දාඩියකුත් දාගෙන ආවා.
"ඩෑම් ෆක් දෙයියනේ. ආය ජීවිතේට මට සාමාන්‍ය විදිහට ඉන්න හම්බ වෙන්නේ නෑ. "
![](https://img.wattpad.com/cover/332496375-288-k366661.jpg)
VOUS LISEZ
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Roman d'amourපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...