part 12

1.2K 158 4
                                    

ප්‍රථම ප්‍රේමය ඔහු විය..

12 කොටස.

රසිඳුයි ශානුයි වෙනදා වගේම එක ලඟ වාඩි වෙලා හිටියත් දෙන්නා අතර තිබ්බේ වෙනදා නැති අමුතු දුරක්.හරියට එකම කාඹරේ එකම ඇඳ උඩ දෙන්නම හිටියට දෙන්නා ඉන්නේ ලෝක දෙකක වගේ.

ශාන් ඒක හිතලම කරත් රසිඳු නම් එයාගේ පාඩුවේ හිටියේ එයයි නෙත්මී එක පාරම ගොඩක් ෆිට් උන නිසා.නෙත්මිව ටිකක් පේන්න බැරි එක ඇත්ත.හැබැයි මරු ආතල් කෙල්ල. ඒකිට කිසිම දෙයක් ගැන සීරියස් හැඟීම්ක් නෑ.අනික දෙන්නා හැම වෙලාවෙම වලි නිසා රසිඳුට ඒක මාරම ආතල්.

ඒ නිසා රසිඳු නෙත්මි එක්ක මැසේජ් කරන්න ගත්තා.

ශාන් හොරෙං රසිඳුගේ ෆෝන් එකට එබුනේ කාටද මැසේජ් කරන්නේ කියලා දැනගන්න ඕන උන නිසා.ඒ නෙත්මි කියලා දැක්ක ගමං ශාන්ට අමුතුම තරහක් දැනුනා.ඒ නිසාම රසිඳුට කියන්න බැරි උන දේ ශාන් කියලා දැම්මා.

"මම නේහට කැමතී කිවුවා.නේහා මගේ girl friend "

"අහ් හ්ම්ම් ඒක හොඳයි"

ඒක ශාන් බලාපොරොත්තු උන උත්තරේ උනත් ඒක මහ අමුතු විදිහට ශාන්ට වේදනාවක් දුන්නා.

"ආහ් මේ මම නෙත්මිලාගේ ගෙදරට පොඩ්ඩකට ගිහිං එන්නම්"

එහෙම්ම ඇඳෙන් නැගිට්ට රසිඳු ශාන් වචනයක් කියන්න කලිං එතනින් පැනගත්තා.රසිඳු ගියත් එක්කම අතේ තිබ්බ ෆෝන් එක පැත්තකට විසි කරපු ශාන් එහෙම්ම එයාගේ ඇඳේ මුනිං අතට නිදාගෙන මූන කොට්ටෙට තද කරගත්තේ ඇඬෙන්න වගේ ආපු නිසා.

රසිඳුත් එලියට ආපු ගමං ගෙදර ඉස්සරහම නවත්තලා තිබ්බ ෆුට් සයිකලේ පැදගෙන ගියේ අන්තිමට ගිහිං නතරවෙන්නේ කොහෙන්ද කියලා කිසිම අදහසක් නැතුව.කොහොමත් මේ දවස් වල රසිඳු ගැන හොයන්න ගෙදර කිසිම කෙනෙක් හිටියේ නැ. තාත්තා වැඩකට ගමෙං එලියට ගිහිං තිබ්බා.ඒ වගේම රසිඳුගේ අක්කගේ පලවෙනි බබා හම්බ වෙන්න ලඟ නිසා අම්මත් මේ දවස් වල හිටියේ කොලඹ අක්කලාගේ ගෙදර ගිහිල්ලා.රසිඳු කෑවේ එයාගේ ආච්චිලාගෙ ගෙදරින්.

රසිඳු අන්තිමට නැවතුනේ ගමේ කෙලවරේම තියන ඇල්ල ලඟ.මේ දවස් වල ටිකක් සීතල නිසා කවුරුත් ඇල්ල ගාවට එන්න කැමති නෑ.ඒත් මේ කාලෙට ගෙඩි පිරෙන කිලෝ පේර ගස් වලත්,රෝස පේර ගස් වලත්,පිනි ජම්බු,රතු ජම්බු එහෙම ගස් වල ගෙඩි කඩන්න එන පොඩි පොඩි කොලු ගැටයොන්ගෙන් නම් අඩුවක් තිබ්බේ නෑ.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlWhere stories live. Discover now