Chapter 1

831 93 129
                                    

කායාව... ගෝර්‍යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න ගත්තේ ඒකේ පාලකයා විදිහට ඔමේගාවක් නම් කලාම!

ඔමේගාවෝ කියන්නෙ යටහත් අහිංසක ජාතියක් වෙද්දි ගෝර්‍යෝ, ශිල්ලා, බෙක්ජේ කියන රාජ්‍ය තුනම කායාව අතෑරලා දැම්මා!

කායාව පාලනය කලේ දුර්වල ඔමේගා රැජිනක් වෙන්න පුලුවන්... ඒත් ඒක නිදහස්ම, සුන්දරම, සන්සුන්ම රාජ්‍ය උනා!

ශිල්ලා, බෙක්ජේ කියන්නේ හැමදාම එකිනෙකාට විරුද්දව සටන් වැදුනු රාජධානි වෙද්දි ගෝර්‍යෝ කියන්නේ වෙනම රාජධානියක්!

වියරු වැටුන බලවත් ඇල්ෆා පාලකයෙක් එක්ක ගෝර්‍යෝව කියන්නෙම විලාප නගන සද්ද, ලෙයින් තෙත් උනු පොලවක් එක්ක ලේ සුවදින් පිරුනු හුලගින් වැහුනු මූසල රාජධානියක්!

ගෝර්‍යෝවෙ පාලකයව ගෝර්‍යෝවරුන්ට මූසල 'රතු හදක්' වෙද්දි, ඊට හාත්පසින්ම වෙනස් උනු කායාවට සිද්ද උනා කව්රුත් නොකරපු විදිහට ගෝර්‍යෝ රතු හදට විරුද්දව නැගී සිටින්න!

ඉතින්,
රතු හදට විරුද්දව නැගී සිටින නිල් හදක්..!

•______________________________•
•__________________________•

මද්‍යම රාත්‍රියට කායාව පුරාවටම ඇදෙන හීනි ලස්සන කටහඩ හුගක් දෙනෙක්ව නින්දේ ගැඹුරටම එක්කගෙන ගියා!

උස කන්ද මුදුනෙ තියන මාලිගාවෙ නැගෙනහිර පැත්තට වෙන්න තියෙන ගල්තලාව උඩ සිනිදුම සලු පටලවගෙන වාඩිවෙලා හිටිය ඔමේගාවෙක් සනීප හුලගට මූන අල්ලන ගමන් හැමදාම වගේ සද දෙව්දුවව බලන්න ඇවිත්!

To the moon
Suspended night
I watch your light
I watch your light

ඒ සිනිදු කටහඩ එක්ක සද දෙව්දුවගේ ආලෝකය වැඩිවෙලා තරුන ඔමේගාවා මතට වැටෙද්දි දුහුල් සුදු සලු එක්ක ඉන්න එයාව හද එලිය නිසා දිස්නේ දෙන්න අරන් තිබුනා!

හමාගෙන එන සනීප හුලගට ඒ ඉනෙන් පහලට දිග සිනිදු කලු කොන්ඩේ නැලවෙද්දි එයා එයාගේ නිල් ඇස් පියාගෙනම ඒ හැමදේම විදගත්තා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now