Chapter 25

259 63 112
                                    

නුඹ හන්සුව දුටුවාද?

පෙරදා රැයේ සිට හන්සුව නොදැකි නිසාවෙන් ඔමේගාවන් ඔහුව සොයමින් සිටියා! නමුත් ඔමේගාවන් ප්‍රශ්නකල සියලු දෙනාම ඔහුව නොදැක තිබුනා! පුරුදු පරිදිම මෙවරත් පිලිතුරත් ඔහු දුටු බවට නොවෙද්දි ඔමේගාවන් සුසුම් ලමින් ඉදිරියට ඇදුනා! 

නමුත් මාලිගයෙහි අඳුරු දැව පොලොව මත සෙමින් සෙමින් පා තබමින් ඉදිරියට ඇදී ගිය ඔමේගාවන්ගේ මුහුණ එක් වරම ප්‍රීතියෙන් වැසීගොස් තිබුනා! ඔහුගේ කුඩා හන්සු, එම කුඩා හස්තයන්හි විවිධ කැවිලි කිහිපයක් ගුලි කොටගෙන එම ආලින්දය දිගේ පිය නගමින් සිටියා! ඔහුගේ දෑස් එම කැවිලි වලට දැඩිව ඇදී තිබූ නිසාවෙන් එම ආලින්දය කෙලවරෙහි සිනහවෙමින් රැදී සිටින ඔමේගාවන් පවා ඔහුට මගහැරී තිබුනා!

නමුත් එක් වරම කුලුණක් පසුපස සැගවී රැදී සිටි අයෙක් හන්සුව තමා වෙත ඇද ගනිද්දි එම කුඩා දෑතෙහිවූ කැවිලි, ආලින්දය පුරා විසිරගොස් තිබුනා!

'මා හට පවසනු, නුඹ පැවසූ සියල්ල සත්‍යක්ද හා!? එම උද්දච්ච කායා ඔමේගාවන් හා අධිරජු එසේ හැසිරුනු බව සත්‍යක්ද හා!!? එය..එය සත්‍යක්නම්, කෙලෙසද ඔහු අධිරජුන් ආකර්ෂණය කොටගත්තේ!! ඔහු සතුව තිබෙන - මා හා නොතිබෙන්නේ කුමක්ද!! පවසනු හන්සූ!! '

අධිරජුන් හා දෙවනුව විවාහා වූ ඔමේගාව හන්සුව වේගයෙන් සොලවමින් ප්‍රෂ්න කරද්දි ඔහු කදුලු පිරි දෑසින් ඇය දෙස බලා සිටියා! ඇගේ දැවෙන නීල දෑස ඔහුව බිය වද්දවා තිබුනා!

ම්..මා.. මා හට වේදනා ද්..දෙනවා..හ්!

ඔහු අපහසුවෙන් දරා සිටි කුස ඇයගේ සෙලවුම් නිසා රිදුම් දෙද්දි ඔහු බියමුසු වේදනාවෙන් කෙදුරුම් තැබුවා! නමුත් ඇයගේ තණ්හාවෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝපයෙන් වැසීගිය දෑස් එම බිය මුසු වේදනාව නොසලකාහැර තිබුනා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now