Chapter 8

270 74 143
                                    

අන්ධකාරයෙන් පිරුනු කුටියක්! විවරවූ විශාල කව්ලු අතරින් සුළඟ කුටිය තුලට පැමිණියත් වෙනදා මෙන් නිවා දැමුමට දැල්වෙන පහන් ආලෝකය නොවූවා! පෙරදින වලාවන් අතර දිලෙමින් තිබූ සඳ පවා පරාජය භාරගනිමින් ආකාශයෙන් පලා ගොස් තිබියදී කායාව බිය ශෝකය මුසු ඇල්ෆාවන්ගේ හා ඔමේගාවන්ගේ සුවදින් වැසී ගොස් තිබුනා!

කායා වැසියන්ට කන්නලව් කිරීමට සඳ දෙව්දුවවත් අහසෙහි නොවෙද්දි අඳුරෙහි ගිලී තිබූ කුටියෙන් ඇරඹි ස්වර කලවම් වූ කලබල කාරී වීණා නාද රටාවන් කායාව පුරා ඇදී ගියා!

හෝරාවක් පුරා අඳුරෙහිම වීණා තත් මත ඇදී ගිය සිනිඳු නියතුඩු අවසානයේ නවතිද්දි කලබල වීණා රටාවන් වල අවසානයත් සමඟම මුලු කායාවම නිහඬතාවයක් තුල ගිලී ගියා!

මෙතෙක් වෙලා රැව් දුන් වීණා නාදයන් රාජකීයෙකුගේ සිත තුල පවතින කලබලය තම ජනයාට හෙලි කරන විට එම රාජකීයාම අවසානයේ සිත යම්තාක් සමතයකට ගෙන එමින් අඳුරු සීතල දැව පොලව මත වැතිර සිටියා! ඔමේගාවගේ ගැඹුරු වේගවත් සුසුම් සමඟ වෙව්ලන නියතුඩු ඔහු තුලවූ පැටලුණු හැගීම් පොදියට සැනසුම සොයා තිබුනා!

නුඹට එයනම් අවැසි ඇල්ෆා... රාජකීය ඔමේගාවන් ලෙස කායාවේ සදාකාලික සාමයට මා දිව්රුම් දී හමාරයි! මා බිලි වන්නම් ඇල්ෆා! මා නුඹගේ ගොඳුර වන්නම්!

තද ස්වරයන් පිටවුණු රාජකීය ඔමේගාවගෙ වචන හමුවේ, ආලින්දයෙහි නතර වීමට හුරුව සිටි නමුත් අඳුරු රාත්‍රියෙහි ඔමේගාවගේ කුටිය අසලින් නැවතුනු ඔමේගා සොක්ජින්ගේ දෙකම්මුල් කඳුලින් පෙගී තිබුනා!






ඇල්ෆාවා විසින් ලබා දුන් පූර්ණ දිනය කෙමින් ගෙවී යද්දි වදන් දුන් ආකාරයටම හිරු උදාවටත් ප්‍රතම පුංචි රාජ්‍යයක්වූ කායාවම යුධ බෙර හඩින් වැසී ගියා! ඉමක් නොපෙනෙන සේනාවක් කායාව වට කරද්දි කායාවේ ඉදිරි දොරටුව පසු කරමින් ඇතුල් දොරටුව අසලට පැමිණි ඇල්ෆාවා අසු මතටවී බලා සිටියා!

විශාලතම රාජ්‍යය වූ ගෝර්‍යෝහි ඇල්ෆා හමුදාව ඉදිරිපිට ඇල්ෆාවන් සුළුතරයක් හිමි කායාවේ ඔමේගාවන් යටත්ව තිබුනා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Место, где живут истории. Откройте их для себя