Chapter 13

274 70 107
                                    

සැරසිලි වලින් අලංකෘත වූ ගෝර්‍යෝ මාළිගයෙහි එලිමහන් මණ්ඩපය මත සුපුරුදු පරිදිම ඇල්ෆාවන්ගේ හස්තය සමඟ තම හස්තය රදවා ගැනුමට ඔමේගාවෙකු රැදී සිටියා!

රන් කෙදි ඇමිනුනු හිස මත වූ රන් කැවූ තේජවන්ත කුරුළ සමඟ රන් නූලෙන් සිත්තම් කල කාල සළු පෙරවූ හැඩි දැඩි ඇල්ෆා පාලකයන්ගේ වම් දෙසින් පාරිශුද්ධත්වයේ වර්ණය වූ ධවල පැහැ දුහුල් සළුවෙන් හැඩ වූ ඔමේගාවන් රැදී සිටියා!

ධවල පැහැ සළු මත රටා මවමින් කිමිදුනු රන් නූල් නිසාම සූර්‍යාලෝකය අභියස ඔමේගාවන් ජීවමානව දිදුලද්දි ධවල දුහුල් සළු මතට වැටී තිබූ අහස් නිලැති සළු ඔමේගාවන්ට පූජනීය පෙනුමක් එක්කොට තිබුනා! හිසකෙස් අතර ඇමිනුනු මුතු හැරුනුකොට කිසිදු අභරණක් එම ගෙල මත නොවූවත් එම සියල්ලන්ගෙම දිලිසුම පරයමින් ඔමේගාවන් ආත්ම තුලින්ම දිලෙමින් සිටියා!

අනර්ඝයි ඔමේගා! දුහුල් සළු වලට පමණයි නුඹගේ අලංකාරය හා එක්වෙමින් නුඹව එක් ප්‍රාණ සහිත දිව්‍යමය පිලිරුවක් කල හැක්කේ! හා.. මා විශ්වාස කරනවා දෙවියන්... ඔවුන් සිටිනුයේ 'ජිමින්' යන නමින් වේ නම්!

ඇල්ෆාවන් පැවසුවත් නීල දෑස ඇල්ෆාවන් වෙත යොමු කලේ දැඩි බැල්මක් පමණයි!

රාජකීය පූජකවරයෙකු පැමින ඔවුන්ගේ සළු එක් කරමින් රක්ත සළුවකින් බදින විට ඔමේගාවන් ඉදිරිය බලන්ම ඇල්ෆාවට පිලිතුරු බැන්දා!

අනවශ්‍යයි නුඹගේ බොරු වර්ණනා අධිරජුනි! මේ අපගේ සිත් තුල හටගත් ආලයක් නිසාවෙන් සිදුවන විවාහයක් නොවන බව පමණක් මා මතකයේ රදවගන්නම්! මා හට නුඹ එක් ආගන්තුකයෙකු පමණයි! එසේම එය මාගේ මරණය තෙක්ම නොවෙනස්ව පවතීවි!

ඔමේගාවන්ගේ වචන හමුවේ ඇල්ෆාවන් මුවගින් සිනහසුනා! රාජකීය පූජකවරයාගේ මග පෙන්වීම මත ඔවුන් එකට එක්වුනු සළුපට සමඟ, ඇමති මඩුල්ල මෙන්ම අන්තප්පුරයද ඉදිරියේ පිලිවලින් සතර දිශාවන්ට ගෞරව දක්වමින් වන්දනා කලා! ඇල්ෆාවන් තුළ සඳ දෙව්දුව කෙරෙහි විශ්වාසයක් නොව්නද දිශාවන් සතර සමාන කරමින් සඳ දෙව්දුව, මුතුන් මිත්තන්, රාජකීය පව්ල සහ රාජ්‍ය වැසියන්ට ගෞරව දැක්වීම ගෝර්‍යෝහි සිරිතක්ව පැවතියා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ