කායාවට පායන සඳ දෙව්දුවගේ තනි රකින්න අදත් රාජකීය ඔමේගාවා නැගෙනහිර ගල් තලාව මත වාඩිවෙලා! වෙනසක් නැතුවම ඒ තොල් අතර මිමිනෙන පද පේලි සමඟ නිරුවත් අන්ධකාරය, සිහිල් සුලඟ ඔමේගාවා විදගත්තා!
සඳුන් දර දැවෙන පිත්තල මංජුසාව අතැතිව ගල්තලාව මත වාඩිවෙලා සිටි රාජකීය ඔමේගාවා තම සිනිදු දිගු කෙස් වැටියට සඳුන් දුම් සත්කාරය කරමින් සඳ දෙව්දුවව නැලෙව්වා!
සඳුන් දර දැවෙන මංජුසාව පසකට කල ඔමේගාවා මොහොතකින් ගල් පොත්ත උඩ වැතිරෙද්දි කවදාටත් වඩා ලස්සනට සද දෙව්දුවව එයා දැක්කා! දකින්නේ එකම සඳ උනත් ඔමේගාවා දවසගානේ සදේ සුන්දරත්වය වැඩි වැඩියෙන් දකින්න උනා!
හිසට යට උනු අත් මතට බර උනු ඔමේගාවා එක කකුලක් නවලා ගල් තලාව මතින් තියාගනිද්දි හමන සුලඟ නිසා ඒ සිනිදු සේද ඊටත් වඩා සිනිදු නිරුවත් කලවා මතින් ලෙස්සිලා ගල් තලාව මතුපිට වැතිරුනා!
රාජකීය ඔමේගාවගේ සිනිදු කටහඩ සමගම එක්ව වෘක රූපයට හැරවුනු අයෙකුගෙ හූවක් අතරින් පතර එක්වෙද්දි සද දෙව්දුවගෙ ආලෝකය මැද දිස්නෙ දුන් ඔමේගාවාගෙ ඇහි බැමි, දැනුන කටුක සුවද සමඟ කුතුහලෙන් ලං වෙලා තිබුනා!
සඳුන් සුවද කෙතරම් හිත නිවන සුවදක් උවත් රුධිර සුවදක් නාස් කුහර වලට දැනෙද්දි ඔමේගාවා ඇස් තද කරන් වටපිටාවට අවදානය යොමු කලා!
මොහොතකට ඒ තොල් අතර මිමිනුන පදපේලි නවතිද්දි රාජකීය ඔමේගාවගේ ඇස් එසැනින් විවර උනේ තමන්ගේ ඇග උඩට, මූනට කවුරුන්හෝ බර උනු විදිහ දැනෙද්දියි!
රක්ත ඇස්!
දැවෙන රක්ත ඇස් යුගලක් හිමි, ඝණ කළු පැහැති ලොම් පිරුනු, රුධිරයෙන් තෙත් උනු තියුණු දත් සහිත වෘකයෙක් තමන්ගේ මූනට බර වෙලා! එකවරම ඇස් වලට හසු වුනු දරුණු වෘක රුව නිසා නිල් ඇස් ගැස්සුනත් රාජකීය ඔමේගාවා තියුණු බැල්මෙන් ඒ දැවෙන රත් ඇස් දිහා බලන් හිටියා!
දැවෙන රත් ඇස් වල උරුමකරු කවුරුද යන්න පැවසීමට රාජකීය ඔමේගාවට හැදින්වීම් අවශ්‍ය නොවුනා! නිල් ඇස් වල නොමැති කලබලයක් ඒ අතැගිලි අතර තිබියදි සිනිදු සේද මත උනු රැදවුම් කටුවක් අතැගිලි වල සිර උනා!
VOCÊ ESTÁ LENDO
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanficනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...