ගෝර්යෝ රාජ්‍යයේ ප්‍රධාන දොරටුව අභියසට අධිරජුන්, ඔමේගාවන් ප්‍රධාන සියල්ලම පැමිණ සිටියා! සියල්ලන්ටම ප්‍රථමව කායාවෙන් පිටවුනු පනිවුඩකරුගේ පණිවුඩය සමග අධිරජුන්ට බලා සිටීමට ඉඩ නොහැරම ප්‍රධාන දොරටුව දෙපසට විවරවුනා!
නුඹ දන්නෙහිද ඔමේගා! මා විසින්ම මාගේ ගෝර්යෝ වෙත වැඩමවාගෙන ආ මුල්ම ඔමේගාවා නුඹයි!
නුඹ පවසනුයේ මා හට ආඩම්බරවනු කියාද අධිරජුනි? අවශ්‍යයෙන්ම මා ආඩම්බරවනවා නුඹ මා රැගෙනාවේ ආදරය යන හැගීම මුල් කොට ගෙන ඌවානම්! නමුදු මෙහිදී නෑ මා හට හේතුවක් උඩඟු වීමට තරම්! නුඹගේ අන්තප්පුරය හා එක්වන තවත් එක ඔමේගාවකු පමණයි මා!
ඇල්ෆාවව සුළු තරමින් හෝ තැකීමක් නොකර, විවර උනු දොරටුව තුලින් දිස්වන ගෝර්යෝ මාලිගය දෙසට නෙත් යොමාගෙන කී ඔමේගාවා මාලිගය වෙත ඇතුල් වන විට තමාටම නෝක්කාඩුවෙන් සිනහසුනු ඇල්ෆාවා ඔමේගාවව ලුහු බැන්දා!
තව හෝරා කීපයකින් හිරු නැගේවි! සූදානම්වනු විවාහා උත්සවයට!
අසුපිටින් බැසගත් ඇල්ෆාවා පවසන විට ඇල්ෆාවා යෙදවූ දාසියක් ඔමේගාවා අසල රැදී සිටියා!
උතුමානෙනි... නුඹගේ කුටිය..
දාසිය බියෙන් මුමුනන විට අසුපිටින් බැසගත් ඔමේගාවා ඇය හා සිනහසුනා!
මා හට පෙන්වන්න ඔමේගා!
හො..හොදමයි උතුමාණෙනි!
කිරි පිරවූ පොකුණක් තුල ඔමේගාවන් ගිලී සිටියා! නමුත් ඔහුගේ හිසකෙස් අතරින් සිනිදු දෑතක් ඇදී යන විට සන්සුන්ව හුස්ම ගනිමින් ඔහු තම හිස මත දිවෙන හස්තයක් පරිස්සමින් ග්රහනය කරගත්තා!
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...