ඇතිරිලි අතර වැතිරීගෙන සිටි ඇල්ෆාවන් දහදියෙන් තෙත්ව ඒ මත අසුන් ගන්නා විට ඔහුගේ පපු කුහර සුසුම් සොයමින් තිබුනා!
කිසිදු බාදකයක් නොමැතිව පහලට ඇද වැටෙන කෙසඟ අතරින් දෑගිලි යවා නොසන්සුන් ලෙසින් හිස සම්භාහනය කොටගත් ඇල්ෆාවන් මෙතෙක් තරව වසාගෙන සිටි රක්ත දෑස විවර කොට තමා වැතිර සිටි ඇතිරිලි මත අනෙක් පස පිරික්සාලද්දි ඒ මත නොවූ ඔමේගාවන් නිසාවෙන් ඔහු තව තවත් නොසන්සුන්ව තිබුනා!
නමුත් ඔහුගේ සවන් වැකුනු සන්සුන් දිව්‍යමය හඬ නිසාවෙන්ම අනෙක් පසට හිස හැරවූ ඔහුගේ රක්ත දෑස, ඔව්න්ගේ නවාතැන්පලෙහි ඇතුලුවීම අභියස වාඩිව සිටින ඔමේගාවන් අසල නවාතැන් ගෙන තිබුනා!
සිහිනයක් දුටුවා නොවෙද නුඹ!?
ඔමේගාවගේ ප්‍රශ්න කරලීම හමුවේ අධිරජුන් නිහඬවද්දි තවමත් ඔහුට පිටුපා සිටි ඔමේගාවන් ඔහුගේ වදන් පවත්වාගෙන ගොස් තිබුනා!
මොහුවත් රැගෙන යලි මාළිගය කරා යනු!
ක්..කුමක්ද!?
ඔමේගාවගේ අපැහැදිලි අණසක හමුවේ ඇල්ෆාවන් කුතුහලයෙන් විමසාලද්දි මෙතෙක් ඔහුට පිටුපා සිටි ඔමේගාවන් ඔහු වෙත හැරී තිබුනා! තමා වෙත මුව යොමු කල ඔමේගාවන් දෙස බලා සිටි ඇල්ෆාවගේ රක්ත දෑස් පුදුමයෙන් වැසී යද්දි ඔමේගාවගේ ස්වරූපයෙහි ඇතිව තිබූ වෙනස්වීම එයට හේතුවී තිබුනා!
එම නීල දෑස් සුදු පැහැ ගෙන තිබෙද්දි ඔහුගේ දෑස් තුල ප්‍රාණයක් නොමවූවා! රෝස පැහැයෙන් සිත්තම්ව තිබූ කොපුල් වියලි ධවල පැහැයක් ගෙන තිබුනා! එම ප්‍රශ්ටිමත් ලවන් පත් මලානික නිල් පැහැයකින් වැසීගොස් තිබුනා! එමෙන්ම එම ඝණ කාල කෙස් වැටිය පූර්ණ ධවල පැහැ වී තිබුනා!
ඔමේගා!!!
ඇල්ෆාවගේ හඬ රැව් දුන් නමුත් ඔමේගාවගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොම වූවා!
නුඹ නැහැ මා ඇදිනූයේ! මා සඳ දෙව්දුවයි! නුඹ පැවසූ අයුරින් මොහු මාගේ එක් අනුරුවක් ඇල්ෆා! මාගේ ප්‍රියතම නිමැවුම වන මොහු ආලයෙන් බැඳි නුඹට මා අවස්තාවක් සපයාලන්නම්... මන්ද නුඹ නිසාවෙන් ගෝර්‍යෝව යලි විනාශයක ගිලෙනු දැකුමට නැහැ අවැසි වනුයේ! නුඹගේ ජනයා යනු මාගේ ප්‍රජාවයි, මාගේ දරුවනුයි, මාගේ වගකීමයි! ඔව්න්ගේ භාරකාර දෙව්දුව වශයෙන් මා ඔව්න් හට රැකවරනය ලබා දිය යුතුයි! අවැසි නැහැ නුඹගේ ක්‍රියාවන් නිසාවෙන් ඔව්න් විදවනු දැකුමට!

ŞİMDİ OKUDUĞUN
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Hayran Kurguනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...