Chapter 49

292 55 108
                                    

ගෝර්‍යෝ මාලිගය පුරාවට ඝන අඳුරක් පැතිරීගොස් තිබියදී රහස් දොරටුවක් තුලින් යමෙක් දාසයන්ගේ කුටීන් වෙත ලගාවෙමින් තිබුනා!

වේදනාත්මක කෙදිරිලි නගන කුඩා ඔමේගාවගේ කුටියෙහි දොරගුලු සෙමෙන් විවර වෙමින් යමෙකු එම කුටිය තුලට ඇතුලුවද්දි ඔහු තම වේදනාවන් සඟවාලීමෙහි අධිටනින් සුසුම් සිරකොට ගනිමින් ඔහුගේ තෙත්ව ගිය නෙතග කුටියෙහි ඇතුල්වීම දෙසට යොමුකොට තිබුනා!

ක්.. කව්රු..න්ද න්..නුඹ..?

වේදනාත්මක මිමිනුමක් ලෙස හන්සු විමසාලද්දි ඝනැති කාල වර්න කබායකින් පූර්ණ සිරුරම වාසාසිටි එම පුද්ගලයා ඔහුගේ කබාය එම සිරුර මතින් ඉවත් කොට තිබුනා!

උ..තුමා..ණෙ..නිහ්..!

පැමණ සිටිනුයේ රාජකීය ඔමේගාවන් බව එම දිලෙන සිරුර නෙත ගැටුන විගසින් හැදින ගත් කුඩා හන්සු එලෙස මුමුනමින් තම හිස යලිත් වරක් පොලොව මත වූ ඇතිරිලි අතර සඟවාලමින් සිටියා!

ඇතිරිලි අතර වේදනාවෙන් මිරිකෙන හන්සු දෙස මොහොතක් බලා සිටි නීල දෑසෙහි උරුමකරු වන රාජකීය ඔමේගාවන්, එලබෙන මොහොතෙහි කුටියෙහි දොරගුලු දමා, කුටියහි වන සියලුම කව්ලු වසා දමන විට කුඩා හන්සු ඔමේගාවන් දෙස විසල් දෑස් සමඟ බලා හිද තිබුනා!

රාජකීය ඔමේගාවගේ හස්තයන් මඟින් ආලෝකය ලබාගෙන, දැවෙමින් සිටි පන්දම් කිහිපයක් අඳුර අතරින් ආලෝකය සපයාලද්දි මොහොතක් ගතවන්නටත් මත්තෙන් කුඩා ඔමේගාවගේ වේදනාත්මක විලාපයන්ගෙන් එම කුටිය පිරී ගොස් තිබුනා!

දැව පොලොව මත ඇතිරුනු ධවල පැහැ ඇතිරිලි රත් පැහැයෙන් තෙත්ව තිබුනා! රාජකීය ඔමේගාවන් පවා ඔමේගා හන්සුගේ රුධිරයෙන් තෙත්ව තිබුනා!
































උතුමාණෙනි..! නුඹ දැන් තටාකයෙන් පිටතට පැමිණිය යුතුයි උතුමාණෙනි..!

යටහත් පහත් ස්වරයෙන් රාජකීය ඔමේගාවන් හමුවේ පවසාලූ දාසියක් යලි තටාකය අසලින් පසුපසට පා තබාලන විට තටාකයෙහි ගිලී සිටි රාජකීය ඔමේගාවන් ඉන් පිටතට පැමින තිබුනා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Kde žijí příběhy. Začni objevovat