උතුමාණෙනි..!
පවසන්න!
මා හට සැලවූවා නව්කාව ශිල්ලාව වෙත ලගාවූ බව!
අමාත්‍ය යුල් පවසන විට රාජකීට ඔමේගාවගේ මුවග කුරිරු සිනහවක් ඇදීගොස් තිබුනා! දවටාගෙන සිටි දුහුල් ධවල සළු ගෙනදෙන සෞම්‍යත්වයට එම මුවඟ ඇදුනු සිනහව නොපෑහුනද ධවල පැහැ ගත් සියල්ල, සැමවිටම සෞම්‍ය නොවන බව සියල්ලන්ටම අමතකව ගොස් තිබුණා!
රාජකීය උද්‍යානයෙහි සිට අධිරජුන්ගේ මාලිගය වෙත පියනැගූ රාජකීය ඔමේගාවගේ නීල නෙතඟ, ඔහු ඉදිරියෙහි ගොඩනැගෙන ශක්තිමත් ආධිපත්‍යමය සිරුරක් හිමි රක්ත දෑස් හා ගැටෙනවිට ඔව්න් එකිනෙකාගේ දෑස් යාවී තිබියදීම ඔව්නොව්න් වෙත ලගාවී තිබුනා!
ඇල්ෆාවන්, රාජකීය ඔමේගාවන් වෙත ලගා වීමත් සමඟම ඇල්ෆාවගේ සිරුර මතින් හමා එන සුගන්ධයන් රැසක් නාස් කුහර අග සිරවීම නිසාවෙන් ගැබ්බර ඔමේගාවන් හට ඔක්කාරය වද්දි ඔහු තම නීල දෑස ඇල්ෆාවගේ රක්ත දෑස් මතින් මුදවාගනිමින් මාර්ගයෙහි පසකට දිවගොස් තිබුනා!
ඔමේගාවන් තමා හට දැනී ගිය අප්‍රිය සුගන්ධය නිසාවෙන් වමනය කරලනවිට, එය තමා හට බාදාවක් නොකරගත් අධිරජුන් කිසිදු වෙනසකින් තොරවම ඉදිරියට ඇදීගොස් තිබුනා!
උතුමාණෙනි!? කිමද මේ!? අසනීපවද නුඹ!
අමාත්‍ය යුල් පවසනවිට, පොලොව දෙසට බරව සියල්ල විසි කරලමින් සිටි ඔමේගාවන් තම නීල දෑස උඩ අතට පෙරලා තිබුනා!
එසේ නොමැතියි! මා හට තවම වෙහෙසයි! වීදී සංචාරයෙහි යෙදීමෙන් අනතුරුව තවම නෑ මා විවේකයක් ලබාගෙන ඇත්තේ!
සිසිරය නිමව යනවා... එසේ නොවෙද උතුමාණෙනි..!
ඇල්ෆාවගේ කුටියෙහි වන විසල් කව්ලුව මත වාඩිව, ධවල පැහැයෙන් පෙනී යන පූර්ණ පරිසරයම විදිමින් සිටි ඔමේගාව, ඔහුගේ දෙසවන ගැටුනු හඬත් සමඟම මදක් හිස ඒ දෙස බරකොට තිබුනා!
BẠN ĐANG ĐỌC
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...