අ..අධිරජුනි..හ්! අ..අමාත්‍ය මඩුල්ල-- ඔව්න් ක්..කායා උතුමානන් මරා දැමීමට උත්සහා කරනවා!
හන්සුගේ වදන් ඇරබීමත් සමඟම කුඩා ඔමේගාව සන්සුන් කිරීමෙහි අරමුනින් ඇල්ෆාවගේ පෙරමෝන නිකුත් වද්දි එම කුටියෙහි ඇතුල්වීම අසල වූ තවත් දෙසවනක් නිහඬවම සියල්ල අසා සිටියා!
නුඹ වෙනස්වීලු! උතුමා..ණන් නුඹව වෙනස් කොටලු!
ඔ..ඔව්න් ශිල්ලාව හා ගිවිසුම් ඇතිකොට... නුඹව පරාජ කිරීමටයි සැරසෙනුයේ! ඔව්න් ප්‍රතම..ව නුඹ හා ජනයා දුරස්... කෙරුමට උත්සහා කොට ත්..තිබෙනවා! න්..නමුත් උතුමානන් යෝජනා ක..ල වීදි සංචාරය නිසාවෙන් සි..යල්ල විනාසවූ බව ඔව්න් ශාප කලා..!
ඔ..ඔව්න්... ඔව්න් නුඹව මරා දැමුමට අ..අවැසි රිදී ආයුධ සියල්ල වෙනත් රටකින් ග්..ගෙන එමින් සිටිනවා..! එම සියලුම ආයුධ..යන් ශිල්ලාවටයි පැමිණෙ..නුයේ! ඔව්න් සියල්ල සාකච්චා ප්..පවත්වනවිට මා.. මා අසා සිටියා! ඔව්න් නෑ දැන සිටියේ ම්.. මා අසා සිටි බව! නමුත් මා බිය වූ..වා නුඹ දෙදෙනාව රැකග..ත නොහැකි වේ යැයි!
තම කුස තුල වැඩෙන දරුවා නිසාවෙන් වෘක ස්වරූපයට එලබීමට තරම් ශක්තියක් නොමැති වීමත්, අධිරජුන් හා රාජකීය ඔමේගාවන් වෙත මෙම පණිවුඩය යවාලීම සඳහා විස්වස් අයෙකු මාළිගය තුල නොම වීමත් නිසාවෙන් තමා අසරන වූ අයුරු මතක්ව කුඩා හන්සු යලි තම කඳුලු සඳහා පන පොවන විට එම කුඩා හිස පපුවට බර කොටගත් ඇල්ෆාවන් එම හිස සිපගෙන තිබුනා!
උතුමා..ණන් රැකගන්න අධිරජුනි... ඔහුයි අපගේ ස්..සැබෑම රැජිනියන්!
අධිරජුගේ උනුසුමෙහි වූ කුඩා ඔමේගාවන් ඒ මඟින් ඉවත් වෙමින් පවසාලද්දි එම දෑත් තදින් ග්‍රහනය කොටගත් ඇල්ෆාවන් හිස සලන අයුරු ද්වාරය අසල දෙපා නවතාගත් රාජකීය ඔමේගාවන් දෑස් තුල සටහන් කොට ගනිමින් තිඹුනා!
KAMU SEDANG MEMBACA
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fiksi Penggemarනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...