ඇය ජීවත්විය යුතුයි!
තම සවන අසලින් රැව් දුන් සිහින් හඬත් ගොඳුර වෙත ඉලක්ක ගන්වමින් තිබූ දුන්න රැදවුනු දෑත එක් ස්පර්ෂයක් හමුවේ වෙනතකට යොමු උනු නිසාත් ඇල්ෆාවන් තමා පසුපස වන ඔමේගාවන් දෙස හැරී බැලුවා!
නිය තුඩු අගින් තමා පසුපස සිටගෙන සිටි ඔමේගාවගේ දෑස ඇල්ෆාවන්ගේ දුන්න පසුපස යමින් ඔහුට බිලි වීමට යන ගොඳුර පිරික්සමින් සිටියා!
හාහ්!! මෙවර කුමක්ද හා?
යලිත් වරක් ඇල්ෆාවන්ගෙන් ගොඳුර බේරා ගැනීමට ඉදිරිපත් උනු ඔමේගාවගෙන් ඔහු විමසා සිටියා!
ශ්..ශ්!! නිශ්ශබ්දවනු! කිමද නුඹ මෙතරම් ශබ්ද කරනුයේ හා?
ඇල්ෆාවන්ගේ පසුපසින් රැදී සිටි ඔමේගාවන් තරවටු කරමින් ඔහුට පවසා තිබුනා! තමාට තරවටු කරමින් සිටින ඔමේගාවන්ගේ නීල නෙතු දෙස ඇල්ෆාවන් බලා සිටිද්දි ඔහුගේ රක්ත දෑසට රැව්මක් එල්ල කරමින් ඔමේගාවන් ඔහුව යලි ඉදිරිය දෙසට යොමු කරමින් සිටියා!
ඇයගේ කුස දෙස බලනු! පෙනෙනවාද ඇය ගැබ් ගෙන බව? පෙනී යනුයේ ඇය මෑතකදී ගැබ් ගෙන බවයි! තවම නෑ ඇය සතුව ක්ෂීරය හෝ ඇත්තේ!
ඔමේගාවන්ගේ වදන් හමුවේ ඇල්ෆාවගේ රක්ත දෑස් පරිස්සම් අයුරින් තම ගොදුර වූ මුවදෙන පසුපස ඇදී ගියා!
කුමක්ද පිරික්සනුයේ හා? නෑ මා නුඹ මෙන් මුසා පවසා හෝ වචනයෙන් වංචා කොට!
රෝස පැහැ ගැන්වුනු දෙතොල් හැඩ කරමින් ඔමේගාවන් පවසද්දි ඇල්ෆාවන් අතින් මින් පෙරදී කොටස් වූ කේශ පොද විත් ඔහුගේ කොපුල් මත දඟ කරමින් සිටියා!
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...