Chapter 29

269 59 111
                                    

රාත්‍රිය පුරාවට විවරව තිබූ විසල් කව්ළුව විසින් සූර්‍යාලෝකය අධිරජුන්ගේ කුටිය කරා කැඳවාගෙනවිත් තිබුනා!

රැය පුරා පූර්ණ නින්දක් නොවූවත් පුෂ්පයන් විකසිත කිරීමෙහි රාජකාරිය මදකට පසෙකට කල සූර්‍යෝලෝකය විත් ඔමේගාවගේ නීල නෙතු විකසිත කරවීමට උත්සාහා ගනිද්දි පුරුදු පරිදිම ඔමේගාවන් අවදිව සිටියා!

පෙරදා රැයෙහි නිදි දෙව්දූන් තුරුල්ලට පිවිසිය අයුරින්ම අධිරජුන්ගේ ශක්තිමත් දෑත් අතර ඔමේගාවන් වද්දි, වාතයෙන් පපු කුහර පුරවාලන සෑම විටකදීම තමන් තුලින් දැනෙන්නට වූ ඇල්ෆාවගේ විසල් ලිගුව එම නීල දෑස් තෙමාලීමට සමත්ව තිබුනා!

තමා ඉදිරියෙහි සැතපී සිටින අධිරජුන්ගේ ගෙලෙහි වන, වේදනාවන් ඉසිලීමෙහි අධිටනින් තමා විසින් ඇති කල හැපීම් සලකුනු දෙස බොඳව ගිය දෙනෙතින් බැලූ ඔමේගාවන්, ඔහුගේ දෙපා පපුව ආසන්නයට ගෙනෙමින් වක්‍රාකාරව ගුලිවෙමින් සිටියා!

ආහ්!!

එක වර මුවින් පිටවුනු වේදනාත්මක විලාපයත් සමඟම ඔමේගාවගේ දෑසෙහි පිරි කඳුලු බිදු එම සිනිදු කොපුල් තෙමමින් පහලට ඇදෙද්දි නිදා සිටි ඇල්ෆාවන් පවා එලෙසම වේදනාත්මක විලාපයක් පිට කරමින් අවදිව සිටියා!

තවමත් සිරුරු අභ්‍යන්තරයෙන් එකිනෙක බන්දනයව තිබෙන බැවින් බලෙන් ඉන් ඉවත්වීම වේදනාත්මක උනා!

ක්..කිමද ඔය ලෙස හඬනුයේ හා?

අවදිව සිටින ඇල්ෆාවගේ රක්ත දෑස් හමුවේ ඔමේගාවගේ සිත්හි වන කෝපයත්, වෛරයත් තව තවත් දළු ලමින් නැගෙද්දි දරාගත නොහැකි හැගීම්, කදුලු බිදු ලෙස පිටතට පැමින තිබුනා!

නුඹ එක් පව්කාරයෙකුවී හමාරයි! නමුත් මා හට පව්කාරයෙකු වීමටවත් මා කුසින් වදන දරුවා සාප ලද්දෙකු වනු දැකීමටවත් නෑ අවැසිව ඇත්තේ!

ඔමේගාවගේ සිත්හි වන වේදනාව නිසාවෙන්ම එම නීල දෑස රක්ත පැහැයෙන් හැඩවද්දි ඔහු ඇල්ෆාවන් ඉදිරියෙහි හඬ උස් කොට තිබුනා!

නුඹ කව්රුන්දැයි වටහාගෙන වදන් තෙපලනු ඔමේගා! මායි රාජ්‍ය පාලනය කරන්නා! කව්රුන් ජීවත්විය යුතුද කව්රුන් මියැදිය යුතුද යන්න තීරනය කල යුත්තා මායි! එමෙන්ම කා තුලද මාගේ රුධිරය වැඩිය යුත්තේ යන්න තීරණය වන්නේද මා මතයි! කිමද උන්මත්තකයෙකු සේ හැසිරෙනුයේ හා! ගෝර්‍යෝවෙහි මීලඟ උරුමකරු බිහි කිරීමට මා නුඹව තෝරා ගත්තත් නුඹත් එක් අන්තප්පුර ඔමේගාවක් පමණයි මාගේ හස්තය මත ජීවය රැදවූ! සියල්ල පාලනය කරනා අධිරජුන් මා බව පමනක් මතකයේ තබාගනු!!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now