සදුන් දුමාරයෙන් වැහිලා ගියපු කුටියේ පෙණ පිරුනු තටාකයේ රාජකීය ඔමේගාව ගිලිලා හිටියා! සන්සුන්ව හුස්ම ගන්න ගමන් පියවුනු ඇස් එක්ක තටාකයේ බැම්මට හේත්තු වෙලා හිටිය ඔමේගාවා එයාගේ තරුන සමට සුදු හදුන් උරාගන්නකල් සන්සුන්ව බලාගෙන හිටියා!
සමාවෙන්න උතුමානෙනි...
ගෝර්‍යෝ අධිරාජ්‍යයා ඇතුල් දොරටුව අසල ඔබ වෙනුවෙන් රැදී සිටිනවා!කලබලෙන් හුස්ම අදින ගමන් දාඩියෙන් තෙත් වෙලා ගිය වෙව්ලන අත් එකට පිරිමදින ගමන් ඔමේගා සොක්ජින් කියද්දි මොහොතකට ඇස් ඇරලා බලපු රාජකීය ඔමේගාවා තමන්ට පිටුපසින් සිටිය ඔමේගාවා දිහාවටවත් බැල්මක් නොහෙලම ආයෙම නිල් ඇස් වහගෙන හිටියා!
ආරාධනයක්වත් දැනුම් දීමක්වත් නොමැතිව පැමිණියනම්... හිතන්නෑ ඔහු පැමිණි පමණින් ඒ දෙපතුල් ලග මා සිටිය යුතුයි කියා! ඔවුන්ට මදක් රැදී සිටීමට ඉඩ හරිනු සොක්ජිනී!
රාජකීය ඔමේගාවා මුමුනන විට අතට මිටි වන පපුව සමග සේවක ඔමේගාවා දහඩිය තෙත් වෙමින් ජලය තුල ගිලී ගිය රාජකීයා වෙනුවෙන් රැදී සිටියා!
නමුත් මරණීය වෘක හූවක හඩ ඇසෙන සැනින් නිල් ඇස් තද බැල්මක් සමග විවර වන විට රාජකීය ඔමේගාවා ජලයෙන් උඩට උනා!
තෙත් උනු සිරුර මත දුහුල් සළු පටල ගනිමින් ජලයෙන් උඩට උනු රාජකීය ඔමේගාවා තෙත බේරෙන කලු කෙස් එකට කර රදවන ගමන් සිනිදු රෙදි කඩින් මුව ආවරනය කරමින්ම ඇතුල් දොරටුව දෙසට වේගවත් පියවර සමග පිවිසුනා!
මොහොතින් මොහොත ඇතුල් දොරටුවට ලගා වන විට නිල් ඇස් වලට හසු උනු රුධිර සලකුනු සමග ඒ නිරුවත් රාජකීය දෙපා ඔමේගාවෙකුගේ මල සිරුරක් අසල නැවතෙද්දි තද රතු ඇස් යුගලක් රාජකීයෙකුගේ දණ, මිය ගිය ඔමේගාවෙකු ඉදිරියේ පොලව මත පතිත වෙන අයුරු බලා සිටියා!
ඔමේගා! ඔමේගා!
රාජකීය වෙදදුරු කැදවන්න!මැරුනු මුහුන මත තෙත් උනු සීතල අත් තබන රාජකීය ඔමේගාවා පවසද්දි රතු ඇස් සමච්චලෙන් ඒ දිහා බලන් හිටියා!
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්‍යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...