උ..උතුමාණෙනි...
න්..නැවතත් අධිරජුන් ආරක්ශක බ්..භටයෙකු..කුටියෙහි පසෙක ඌ වීණාව පිරිසිදු කරමින් සිටි රාජකීය ඔමේගාවා නැගීසිටියේ එම වචන වෙව්ලමින් සිටි ඔමේගා සොක්ජින්ගෙන් පිටවනවාත් සමඟයි! ඒත් සමඟම බියව සිටි ඔමේගාවට කුටියෙහි නවතින ලෙසට අණ කල ඔහු ඇල්ෆාවගේ කුටිය දෙසට කලබලෙන් පා තැබුවා!
ගෝර්‍යෝ අධිරජුගේ කුටියෙහි දොර පියන් වේගයෙන් දෙපසට විවර වනවාත් සමඟම මොහොතකින් අධිරජුගේ ගෙල මත සෙභලෙකුගේ අසිපතක් සිරව තිබුනා! නමුත් එම සෙබලෙකුගේ අසිපත රාජකීය දෑතක සිරව තිබුනා!
කරුණාකර ඔහුව මුදාහරිනු! ඔහුගේ ප්‍රාණය නුඹේ නිය මත වර්ණ ගැන්වූවොත් මෙම අසිපත නුඹගේ ප්‍රාණයෙන් වර්ණ ගැන්වී තිබේවි!
රාජකීය ඔමේගාවාගේ වචන හමුවේ ගෝර්‍යෝ රක්ත චන්ද්‍රයා වියරුවෙන් මෙන් සිනාසිනා!
එසේද? නුඹ එසේ කරනවාද ඔමේගා? මා බියවිය යුතුද මාගේ ජීවිතය පිලිබද හා? නමුදු මෙයයි ගෝර්‍යෝ රක්ත චන්ද්‍රයාගේ මග අසුරන්නෙකුට උරුම දණ්ඩනය!
අධිරජුගේ ව්‍යාග්‍ර නිය තව තව ආරක්ශකයාගේ ගෙල මත තදවද්දි ඔහු පැවසූවා! ඔමේගාවගේන් ඔහුට වචනයෙන් පිලිතුරු නොවූවත් නොවෙනස්ව දැඩි බැල්මක් හෙලන නිල් දෑස ඔහුට ඔමේගාවගේ පිළිතුර හෙලි කොට තිබුනා! ඇල්ෆාවගේ නිය ආරක්ෂකයාගේ ගෙල ආක්‍රමණය කරන තරමින්ම ඔමේගාවගේ දෑතෙහි වන අසිපත ඇල්ෆාවගේ ගෙල මත තදවූවා!
කරුණාකර මුදා හරිනු!!!
ඔමේගාවකට තරම් නොවන තද අයුරින් ඔහු පැවසුවත් ඇල්ෆාවගේ නිය ආරක්ෂකයාගේ ජීවය උදුරගෙන තිබුනා! ඔමේගාවගේ අසිපත නිසාම ඇල්ෆාවගේ ඒ දැඩි ගෙල මතින් රුධිර බිදුවක් පහලට ඇදීයද්දි ඔමේගාවගේ දෑස කෝපයෙන් එදෙස බලා සිටියා!
VOCÊ ESTÁ LENDO
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanficනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්‍යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...