සිංහාසනයෙහි ගාම්භීරව අසුන්ගෙන උන් ඇල්ෆාවන්, නව අමාත්‍ය මඩුල්ල සමඟ තම රාජ්‍ය පිලිබද සාකාච්චාවක පසුවන විට එයට බාදා පමුණුවමින් රාජ සභාව මද්යයට හන්සු පැමින තිබුනා!
හන්සුගේ පැමිණීමත් සමඟම ඇල්ෆාවගේ අණින් නිහඬවූ අමාත්‍ය මඩුල්ල ඉදිරියෙහි ඇල්ෆාවන් හන්සුගේ පැමිනීමට හේතු විමසා තිබුනා!
පවසන්න ඔමේගා... මාගේ රැජිණිය සුවෙන්ද!?
අවසර අධිරජුනි...! රාජකීය ඔමේගාවන් කිසිදු හෝ හේතුවක් ප්‍රකාශ නොකොටම අධිරජුන්ගේ පැමිණීම බලාපොරොත්තු වනවා!
රාජකීය ඔමේගාවන් තමාගේ පැමිණීම බලාපොරොත්තු වන බව ඇසුනු සැනින්ම රාජසභාව විසුරුවා හැරි අධිරජුන් ඔහුගේ කුටිය වෙත පිය නගන විට රාජ්‍යයක් පාලනය කරන අධිරජුන්, ඔමේගාවගේ එක් පණිවුඩයක් හමුවේ පාලනය වූ අයුරු හමුවේ සාක්ෂිකාරයක් වූ අමාත්‍ය මඩුල්ල විසිර යාම පසෙක තබා රාජකීය ඔමේගාවන් වෙත අධිරජුන් පිරිනමන ප්‍රේමයෙහි ධාරිතාව පිලිබද කතා කිරීමට ගෙන තිබුනා!
මාගේ ඔමේගා? නුඹ සුවෙන්ද හා? වෙදැදුරු කැදවන්නද මා?
කුටියෙහි ද්වාරය දෙපසට විවර වනවාත් සමගම විසල් පා පියවරයන් සමඟ කුටියට පැමිණි ඇල්ෆාවන් යහන අසලට පිවිසමින් විමසන විට එම රක්ත දෑසට, රාජකීය ඔමේගාවගේ කදුලින් දිලෙන නීල නෙතඟ හමුව තිබුනා!
යහන මත වැතිරගෙන, කදුලු පිරි දෑසින් ඇල්ෆාවන් දෙස බැලූ රාජකීය ඔමේගාවන් ඔහුගේ දෑත් දෙපසට විහිදුවාලන විට රාජකීය වෙදැදුරු කැදවන ලෙස අණ ලබාදුන් ඇල්ෆාවන් ඔමේගාවගේ දෑත් පහලින් තම හස්තයන් යවා ඔහුව යහන මත අසුන් ගන්වා තම තුරුලට ගෙන තිබුනා!
කිමද ඔය නීල දෑස් කදුලින් බරව ඔමේගා? පවසන්න මා හට, වේදනා දෙනවාද නුඹට හා? මාගේ පුතනුවන් රිදවනවාද නුඹට? මද උනුසුම් ජලයෙන් සම්භාහනය කරන්නද මා නුඹ?
ඔමේගාවගේ දුහුල් ධවල සලු අතරින් හස්තය දිවවූ ඇල්ෆාවන්, ඔමේගාවගේ ඉන මතත් කොන්ද මතත් පරෙස්සම් ස්පර්ශ තබාලන විට, ඇල්ෆාවගේ හස්තය නවතාලූ රාජකීය ඔමේගාවන් එම හස්තය තම කුස මත තබා ගනිමින්, තම හිස ඇල්ෆාවගේ උණුසුම් පපු මත රදවා ඉකි ගැසුමට ගෙන තිබුනා!
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...