Chapter 45

264 51 110
                                    

ඔමේගා... දෑස් විවර කරනු ඔමේගා.!

ඔමේගාවගේ කොපුල් මත තෙත් වූ අත්ල තබමින් ඇල්ෆාවන් සුමුදුව මුමුනන විට ඔමේගාවන් ඔහුගේ නීල නෙතු කෙමෙන් විවර කොට තිබුනා!

ම්ම්.. ශීතයි!

දෑස් විවර කොට මොහොතක් ගතවත්ම කොපුල් මත වූ සිසිලසත්, හිම පියලි හමුවේ වැසීගිය පරිසරයෙහි සිසිලත් දරාගත නොහැකිව ඔමේගාවන් මුමුනා ඇතිරිලි අතර ගුලිවද්දි දියෙන් තෙමා තිබූ තම හස්තය එම කොපුල් මතින් පසකට ගත් ඇල්ෆාවන් තම වදන් අරබා තිබුනා!

ශීත බැව් නම් සැබෑයි.. නමුත් අප යලි මාලිගය කරා පිටවිය යුතුයි ඔමේගා!

ක්..කිමද!? නුඹ හට වීදි සංචාරයෙහි යෙදීම පිලිකුල් වීද හා?

ඇල්ෆාවගේ වදන් හමුවේ ඇතිරිලි මත අසුන්ගත් ඔමේගාවන් විමසාලද්දි දෙතොල් සිහින් සිනහවකින් සරසාගත් ඇල්ෆාවන් හිස දෙපසට සලා තිබුනා!

නොමැතියි! නමුත්.. පෙර දින රාත්‍රියෙහි සඳ දෙව්දූන් මා හට අවවාද සැපයූවා!

අධිරජුගේ වදන් සමඟ රාජකීය ඔමේගාවගේ හස්තයට ඇල්ෆාවගේ විසල් හස්තයක මස්පිඩු ග්‍රහනය වද්දි ඔමේගාවන් ඇල්ෆාවගේ සවන් අසලට බරව එම රක්ත දෑසට නැඹුරුව සිටියා!

ම්..මා තුලින්ද ඇය පෙනී සිටියේ!?

එසේයි! එවිට නුඹ දැන සිටියා නුඹ ඇයගේ ප්‍රියතම අනුරුව බව!? නුඹ තුලින් ඇය පෙනී සිටින බව!?

ඇල්ෆාවන් දැඩි හඬින් විමසාලද්දි ඔමේගාවන් නිහඬවම පසෙකට හිස හරවා සිටියා!

මේ සියල්ල නිම වූ දිනෙක නුඹ මා හට අත්‍යාවශ්‍ය තොරතුරු සැඟවීම පිලිඹඳව නිදහසට කරුණු පහදාලන්න බලාපොරොත්තුව සිටින්න ඔමේගා!!

කිසිවිටෙකත් නොමැතියි!! තමා ගැන පුරසාරම් පැවසීමට අමතරව නුඹ මා පිලිඹඳව කිසිදිනෙක ප්‍රශ්න නොකල නිසාවෙන් නෑ මා වරදකරු වන්නේ! නුඹගෙන් නෑ මා ක්ෂමාවක් බලාපොරොත්තු වන්නේ!! අඥානයා!

තමා අසලින් නැගිට නේවාසිකාගාරයෙන් පිටව ගිය ඇල්ෆාවන් හමුවේ ඔමේගාවන් පවසාලද්දි ඇල්ෆාවන් නිහඬවම සුසුම් හෙලා තිබුනා! ඔමේගාවගේ ගැබ්බර සමයෙහි කෝප ගැන්වීම් හුරුව තිබූ ඇල්ෆාවන් තම ඉවසීම පුහුනු කරමින් සිටියා!










𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin