Chapter 20

314 67 122
                                    

රාත්‍රියෙහිදී නොවැසුනු විසල් කව්ලුව විසින් සූර්‍යාගේ ප්‍රතම කිරණයන් අධිරජුන්ගේ කුටිය වෙත රැගෙන විත් තිබුනා!

නමුත් එක් වෙනසක්..,
සූර්‍ය කිරණ හමුවේ ප්‍රතමව පුබුදු වන නීල නෙතු වෙනුවට රක්ත දෑසක් විවරවෙලා!

පෙරදා රැයේ නින්දට ගිය අයුරින් එලෙසම ඔමේගාවන් යහන මත වද්දි ඇල්ෆාවන් ඔමේගාවගේ සිරුරට තුරුලුව එම සිරුරෙහි උනුසුම විදගනිමින් සිටියා!

යහන මත තනිව නිදි වැලදගත් මා හට යළි සුවපහසු උණුහුමක් ලැබී ඇති හැඩයි ඔමේගා!

මුහුන අනෙක් පසට කඩා වැටී තිබෙන ඔමේගාවගේ උදෑසන සිසිලට සීතව රතු පැහැ ගැන්වී තිබෙන තමාට දිස්වන කොපුල දෙස බලමින් ඇල්ෆාවා තමාටම මුමුනාගෙන තිබුනා!

යහන මත වාඩිව ඔමේගාවන්ගේ මුහුන දෙසට බරවූ ඇල්ෆාවන් හට ඔමේගාවන්ගේ නලල් තලය මතට දහදිය දමා තිබූ නිසා ඇලවී තිබූ කේශය දිස්වෙද්දි ඔහු ඔමේගාවන් අවදි නොවන අයුරින් ප්‍රවේශමින් එය ඉවත්කොට තිබුනා!

කිමද දහදිය ඔමේගා!? පෙනී යනුයේ නුඹගේ ශරීරය කපට වීමට අරබන බවක්!

ඔමේගාවන්ගේ මුහුන පිරික්සමින් පැවසූ ඇල්ෆාවන් මොහොතකින් ජල තටාකය වෙත ඇදී ගියා!









අ..අධිරජුනි..

ඇල්ෆාවන් යුධ පුහුනුවෙහි යෙදුනු ස්තානයට පැමිණි සේවිකාවක් අවසර පතද්දි අධිරජු තම අවදානය එදෙසට යොමු කලා!

පවසුනු!

අන්තප්පුර සේවක හන්සු පැවසුවා කායා ඔමේගාවන් හට හීට් එක වැලදී ඇති බව අධිරජුන්ට දන්වන ලෙස!

සේවිකාව පවසද්දි අතැතිවූ අසිපත කොපුව තුල රදවාගත් ඇල්ෆාවන් ඔමේගාවගේ කුටිය වෙත පිය මැන්නා!

අවැසි ඖෂධ ලබාදුන්නාද!?

කුටිය තුලින් ඇසෙන කෙදිරිලි නොතකා කුටිය ඉදිරිපිට සිටි වෙදදුරුගෙන් ඇල්ෆාවන් විමසද්දි ඔහු හිස පහත් කොටගෙනම ඇල්ෆාවන්ට පිලිතුරු බැන්දා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Donde viven las historias. Descúbrelo ahora