ගෝර්යෝ අහසෙහි අඳුර අතරින් මෙතෙක් කල් දිලුනු රක්ත චන්ද්‍රයන් තමා දවටාගෙනවුන් රක්ත පැහැ සළු වෙනුවට අඳුරු කහා පැහැති සළු දවටා ගැනීමට තීරණය කොට තිබුණා! ඇයගේ රුධිර වෑස්සෙමින් තිබූ දරුණු තුවාලය එක් සුන්දර වෙදැදුරෙකුගේ සනීප සුවදෙන හඬකින් කෙමෙන් කෙමෙක් සුවය ලබමින් තිබුනා! අඳ එම හඬ හා සිතාර් නාදයක් එක් වද්දි ගෝර්යෝ සඳ දෙව්දූන් ආදරණීය අයුරින් පෙරටත් වඩා දිලෙමින් සිටියා!
උඩුකය නිරුවත්ව අධිරජුන්ගේ කුටියෙහි කව්ළුව මත වාඩිව සිටි ඔමේගාවන්ගේ හස්තයන් අතර සිතාරයක් ලැගුම්ගෙන සිටියා! ඔහුගේ කුඩා දෑගිලි සුවදායක හඬක් නැගීම වෙනුවෙන් සිතාරය හා දබර කරද්දි ඔහුගේ නීල නෙතු පියවී තිබුනා!
ඉහළට කොට බැද තිබූ කේෂ සමූහයෙන් ගිලිහුනු මුරන්ඩු කේෂ රැල්ලක් රාජකීය ඔමේගාවගේ පියවගිය නීල නෙතු විවර කිරීමේ අටියෙන් එම පිරිසිඳු රෝස පැහැ ලවන් හා කොපුල් මත දඟ කරද්දි සිහින් සිනහවකින් හැඩ උනු ඔහුගේ ලවන් අතරින් සුන්දර පද වැල් ගිලිහුනා!
දිගින් දිගටම වාදනය උනු සිතාර් වාදනයත් ඔමේගාවගේ හඬත්, වෙසඟනුන් ඉදිරියෙහි මත්ව සිටි ඇල්ෆාවන්ව තවත් මත් කොට දමද්දි අධිරජුන්ගේ සිරුරෙහි තැන්පත්ව තිබූ මධුවිත පරාජය භාරගැනීමට ඇතිවූ බියෙන් ඔමේගාවගේ හඬටත්, සිතාර් වාදනයටත් එරෙහිව නැගී සිටීමට උත්සහකර තිබුනා!
රාජකීය කබාය අධිරජුන්ගේ නිරුවත් සිරුර වෙලාගනිද්දි අධිරජුන් අඳුරු දැව පොලොව මත වේග පියවර තබමින් ඔවුන්ගේ කුටිය සොයා පිය නගමින් සිටියා!
රාජකීය ඔමේගාවන්ගේ සියුමැලි කුඩා දෑගිලි සිතාරයෙහි තත් හා ආක්රමණෂීලී අයුරින් ගැටෙද්දි තම වාදනයෙහි මෙන්ම ගායනයෙහි උච්චතම අවස්තාවේ උන් ඔමේගාවන්ගේ මුවත්, සිතාරයෙන් නැගි ශබ්දයත් එක් වරම නවතිද්දි එකට යාවී තිබූ රාජකීය ඔමේගාවගේ ඇස් බැමි ලිහිල්ව ගොස් තිබුනා!
කුටිය තුල සැරිසරමින් තිබූ ඔමේගාවගේ පිරිසිඳු සඳුන් සුගන්ධයත්, එම සඳුන් සුගන්ධය හා ගැටීමට තැත් කරන දැවෙන සඳුන් දර සුගන්ධයත් අධිරජුන්ගේ පූර්ණ මත් වීමට හේතූන් සපයද්දි ඔමේගාවගේ සිතාරය ඇල්ෆාවගේ හස්තයෙහි නැවතී තිබුනා!
DU LIEST GERADE
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...