මධ්‍යම රාත්‍රිය උදාවී තිබුනත් තවමත් අධිරජුන් නිදි නොමැතිව සිටියා! ඇල්ෆාවන්ගේ සංවේදී දෙසවන අසල රැව් දෙන ඔමේගාවන්ගේ වේදනාත්මක කෙදිරිලි හා විලාපයන් ඔහුගේ නින්ද සොරාගෙන තිබුනා!
දෑස මත වූ හස්තය පහලට දැමූ අධිරජුන් යහන මතින් නැගිට කව්ලුව අසලට පා තබා එහි පියන් දෙපසට විවරකළා!
ඔමේගා! ඔමේගා!! මදක් නිහඬවනු හා!?
යළි යහන මතට කඩා වැටෙමින් ඇල්ෆාවන් උස් හඬින් පවසද්දි රාජකීය ඔමේගාවන්ගේ කෙදිරිලි ශබ්දයන් අවමව යන ආකාරය ඔහුට හැගී ගියා!
යහනින් පහලට දෙපා වැටී තිබෙන විටම නිදි බර දෑස් පියවෙද්දි ඇල්ෆාවන් යලි නිදි දෙව්දුව වෙත තුරුලු වන්නට උත්සහ කලත් යලි නැගුනු ඔමේගාවගේ ශබ්දයන් ඔහුව ආයාසයකින් තොරවම ඔමේගාවන් වෙත කැදවාගෙන ගොස් තිබුනා!
කිමද හඩනුයේ හා?
පිටතින් අගුලුදමා තිබූ ඔමේගාවන් සිටි ඇල්ෆාවන්ගේ කුටියෙහි දොර පියන් දෙපසට විවර වද්දි කුටිය තුලට පා තැබූ ඇල්ෆාවන්ගේ හඬ ඔමේගාවන්ගේ හැඬුම් ස්වර පරයමින් නැගී සිටියා!
නමුත් අධිරජුගේ ප්‍රශ්න කිරීම හමුවේ ඔහුට පිටුපා සිටි ඔමේගාවන් පිලිතුරු නොදීම ඉකි ගසද්දි ඔහු දෙස බලමින් දිගු සුසුමකින් පපු කුහර පුරාවාගත් ඇල්ෆාවන් ඔමේගාව සිටි යහන වෙත පා නැගුවා!
ඔමේගා! කිමද හඩනුයේ හා?
උඩුකයෙහිවූ දුහුල් සලු යහන පල්ලෙහි වැටී තිබෙද්දි එම සුන්දර සිරුරෙහි නිරුවත ආවරණය කරන වගකීම එක් දුහුල් ස්වේත සලුවක් මතට වද්දි එම සලුව පරාජිතව වැලපෙමින් ඔමේගාවගේ දහදියෙන් පෙගී ගිය සිරුරට ඇලී තිබුනා!
තමාට පිටුපා සිටින ඔමේගාවා ඉදිරියට යමින් ඔහු අසල යහන මත වාඩිවෙමින් ඇල්ෆාවා යලි අසා සිටියා!
ඔමේගාවගේ තෙත්වී තිබෙන උඩුකයෙහි ප්‍රාණවත් රෝස පැහැයෙන් දිලෙන පපුතුඩු ඉලිප්පී රාගයට ඇරයුම් කරද්දි ඔහුගේ පිරුනු ලවන් දන්තයන් අතරට සිරව තිබුනා! නීල දෑස් තෙත් කරමින් කදුලු බිදු විවේකයක් නොමැතිවම ඇද හැලෙද්දි රාජකීය ඔමේගාවන් හැඬුම් සිරකරන් හඬමින් සිටියා!
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...