Chapter 22

260 68 80
                                    

දෙදිනක් ගතව තිබුනා! දෙදිනකට පෙර ඔමේගාවගේ ශක්තියෙන් පෙගී ගිය දෑතින් යුතුව ඇල්ෆාවන් අඳුරු වනයෙහි නැවතී තිබුනා!

ඔමේගාවගේ සඳුන් සුවඳ එම වින්දනයෙන් පෙගී ගිය හස්තයෙන් විහිදෙද්දි ඇල්ෆාවන් දෑස පියාගෙනම තම හැගීම් පැහැදිලි කරගැනීමට උත්සහා කලා!

ප්‍රධාන ඔමේගාවා.. කිම් ටේහ්‍යුන්ග්! මව් බිසවුන්ගේ මලනුවන්ටවූ එකම පුතනුවන්! රාජ්‍යයෙහි අධිරජුන්ගේ මරණය මත නව අධිරජෙකු අවැසිවූ නිසාත්, කුඩා කල සිට එකට වැඩීමත්, ඔව්න් සතුවූ සමීප බවත් මුල් කොටගෙන් මින් දෂකයකුත් වර්ෂ සයකට මත්තෙන් මව් බිසවුන්ගේ දැඩි තීරනය මත රාජාභිශේකයෙන් පසු ඔවුන් විවාහා උනා!

රාජාභිශේකයෙන් පසු එලෙස අධිරජුන් හා විවාහා වූ ප්‍රතම ඔමේගාවන් ලෙස ඔහු ප්‍රධාන ඔමේගාවන් වූවත් අධිරජුගේ සිතෙහි වූ ආලය වෙනුවෙන් ඔමේගාවන්ගේ සිතෙහි මිතුරුකම සහා සහෝදර ආලය ඌමනාවටත් වඩා පිරී තිබුනා!

කෙමෙන් ඔව්න් තුරුණු වියට පත් වන විට අධිරජුන් යුධ පුහුනුවීම් හා රාජ්‍ය පාලනය පිලිබද ඉගෙනීමට කාර්‍යබහුල වද්දි ඔමේගා ටේහ්‍යුන්ග් අනියම් පෙමක පැටලී සිටියා! ඔහු තම කුටියෙහි මුරකරු වූ ඇල්ෆාවකු සමඟ පෙමින් වෙලී සිටියා!

රාජ්‍යයෙහි ස්තාවරත්වය වෙනුවෙන් නොයෙක් ප්‍රතාපවත් ඔමේගාවන්, බීටාවන් අධිරජුන් හා විවාහා වූවත් අධිරජුන්ගේ හර්දයෙහි ප්‍රතම ස්තානය තම පුංචි ඔමේගාවන් වෙත වූවා!

තමා දුටු මුල්ම නිරුවත, පියවර තැබීමට පවා නොහැකිවූ කුඩා ටේහ්‍යුන්ග් වූවා!

තමා සිපගත් මුල්ම කොපුල්, කුඩා ඔමේගාවගේ නොයිදුල් සියුමැලි කොපුල් වූවා!

තමා ආදරනීය හැගීමෙන් ස්පර්ශ කල මුල්ම හිස, කුඩා ඔමේගාවන්ගේ වූවා!

තම දෑගිලි අතර පැටලුනු ප්‍රතම හස්තය, පියවර තැබීමට උත්සහා කරන කුඩා කුමාරයා වූවා!

තම දෑත් මතට වූ ප්‍රතම ආදරණීයම ග්‍රහණය කුඩා ඔමේගාවන් වූවා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now