Chapter 24

264 66 61
                                    

මුරන්ඩු ලෙස ඔමේගාවන් ජලය තුල සුසුම් රදවාගෙන සිටිද්දි, අවසන සිරවූ සුසුම් හමුවේ ඔහු පරාදව යද්දි තටාකයෙන් පිටතට ආවත් යලි ඔහුගේ සුසුම් සිරව ගොස් තිබුනා! ඇල්ෆාවන් ඔහු ඉදිරියේ නිරුවතින් රැදී සිටියා!

ඝණ කාල වර්ණ දිගු කෙස් කලබින් බාදා පැමිනුනත් එම පලල් උරහිස්, ශක්තිමත් පපුව මෙන්ම එම ශක්තිමත් පපුවෙහි ඉලිප්පුනු පපුතුඩු ගාම්භීර අයුරින් ඔමේගාවන් ඉදිරියෙහි පෙනී සිටියා! ඇල්ෆාවන්ගේ දැඩි ගෙල දිගේ ඔමේගාවන්ගේ නීල දෑස් දිව එද්දි අන් සියල්ලකටම වැඩියෙන් ඇල්ෆාවන්ගේ සිරුර මත වන ඔමේගාවන් විසින් නිර්මාණය කල කැලැල් එම නීල දෑස ආකර්ෂණය කොටගෙන තිබුනා!

ජලයෙන් පිටතට පැමිනෙන විට පපුව තුල පුරවාගත් සුසුම් පොද ඔහුටත් නොදැනිම තව තවත් පපු කුහර තුල ලැගුම් ගනිද්දි සුසුම් පවා අමතකව ගිය ඔමේගාවන්, ජලය තුල තිබෙන තම හස්තයක් ගුලිකොට ගනිමින් ඇල්ෆාවන් දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා!

කිමද හා? මා මත වන නුඹගේ නිමැවුම් එතරම් අගනාද.. නුඹගේ පලිඟු වන් නීල නෙතු සොරාගැනුමට තරම්?

ඔමේගාවන් වෙත ජලය තුලින්ම ලං වෙමින් ඇල්ෆාවන් පවසද්දි ඔහුගේ එක් හස්තයක්, මිටි කරගත් ඔමේගාවන්ගේ හස්තය මතුපිට ඇදී යමින් සිටියා!

කුටිය ආලෝකමත් කිරීමට රදවා තිබූ පන්දම් ආලෝයක ජලය මතුපිටට වැටී කුටිය රන් පැහැයෙන් වර්ණවත් කරන විට ඔමේගාවන් ඉදිරියෙහි ඇල්ෆාවන් සරාගීත්වයෙහි ප්‍රතිමූර්තිය සේ දිස්වී ගියා! ඔහුගේ රන් පැහැ සම, කුටියෙහි වන රත්‍රන් පැහැයට උල්පන්දම් සපයාදී තිබුනා!

ඇල්ෆාවන්ගේ ගැඹුරුව ගිය හඬ හමුවේ ඔහුගේ ශක්තිමත් පපුවෙහි වන ඝණ රත්‍රන් පැහැයෙන් දිලෙන තමා නිම කල කැලල දෙස බලා සිටි ඔමේගාවගේ නීල නෙතු ගැස්සී ගියා!

හා?

ගැස්සී ගිය නීල නෙතු වටකුරු කරගනිමින් ඔමේගාවන් යලි ඇල්ෆාවගෙන් විමසනවිට ඇල්ෆාවන්ගේ වචන ඔහුට නෑසී තිබුනා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now