Chapter 32

261 60 132
                                    

විසල් කඳන් සහිත ශාකයන් පිරුනු පෙඳෙසක අඳුර අතරින් දිවයන ධවල පැහැ හුරුබුහුටි ඔමේගාවක්, පියව ගිය ඇල්ෆාවගේ රක්ත දෑස් තුල සිතුවම් වී තිබුනා!

නමුත් ඇල්ෆාවගේ දෑස් තුල එම ඔමේගාවගේ දැවෙන නීල දෑස ඇදී යනවාත් සමඟම, ආත්මයෙන් තමාව වැලඳගත් හඬක් ඔහුට ඇසී ගියා!

' මා නෑ නුඹගේ දරුවකු මා තුළ වැඩීමට ඉඬහැර දෙසියය ඉක්මවූ පිරිසකගේ මාරයා මෙලොවට බිහි කරනුයේ, ඇල්ෆා! '

ඔමේගා!!!

ඔහුට මැවී ගිය එම හඬ, එම වදන් ඔහුව අවධිකොට තිබියදී ඔහු යහන මත ඔමේගාවන් සිටීදැයි පිරික්සා තිබුනා!

ඔමේගාවන්ගේ නොසිටීමත්, තම සිතෙහි ඇදී ගියේ ඔමේගාවගේ යටි සිතෙහිවූ හැගීම් බවත් වැටහුනු අධිරජුන් කෝපයෙන් වැසී යන රක්ත දෑස් සහිතව ඔහුගේ ශක්තිමත් සිරුරින් රාජකීය කභාය උනා දමා තිබුනා!

දිගු වේලාවක් ගතවීමට මත්තෙන් ධවල පැහැ ඔමේගාවන් ඇඳීගිය අඳුරු මග ඔස්සේම ඝණ කාල වර්ණ ඇල්ෆාවෙකු දිවයමින් සිටියා!

මුරන්ඩුයි නුඹ ඔමේගා!




ශාක පඳුරක් වෙත ඉව අල්ලමින් සිටි ඔමේගාවගේ ගෙල ඇල්ෆාවන්ගේ තියුණු දන්තයන් අතරට හසුවද්දි එම නීල දෑසෙහි පිරී තිබූ කඳුලු බිඳු ධවල පැහැ ලොම් තෙමමින් පහලට ඇදීගොස් තිබුනා!

ඔමේගාවගේ මුවින් පිටවන විලාපයන් හමුවේ ඇල්ෆාවන් මඳක් පසුබට වුවත් ඔමේගාවන් අසලින් දැනෙන්නට වුනු ඖෂධ සුගන්ධය ඔහුගේ කෝපය තව තවත් දියුණු කර තිබුනා!

ඔමේගාවගේ විවරවූ මුවඟින් කේටය හා මිශ්‍රවූ ඖෂට පිටතට පැමිණෙද්දි, මුවට දැනුනු රුධිර රසයත් සමඟ ඇල්ෆාවන් ඔමේගාවගේ ගෙල අතැර එම කුඩා පාදයක් යලි දන්තයන්ගෙන් ග්‍රහණය කොටගෙන සිටියා!

තුවාලවූ ඔමේගාවගේ පසුපස පාදයක් ඔහුගේ සමබරතාව සොරා ගනිද්දි, තණ මතට ඇද වැටුනු ඔමේගාවන්ව පූර්ණවම මුදවාලූ ඇල්ෆාවන් අඳුරු වනය තුලට ඉව අල්ලමින් ඇදෙමින් සිටියා!

ඇල්ෆාවගේ ශක්තිමත් සිරුරෙන් විහිදුනු උසස් පෙරමෝනයන් ඔමේගාවන් යටත් කොටගනිද්දි ඇල්ෆාවන්ට අවැසි අයුරින් පාලනය වන සිරුර සමඟ ඔමේගාවන් වේදනාත්මක කෙඳිරිලි සමඟින් එලෙසම වැතිරීගෙන සිටියා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Donde viven las historias. Descúbrelo ahora