කිමද මේ මාගේ ඔමේගා!?
ඔමේගාවගේ නලල් තලය මත හස්තය තබා අනෙක් අත්ල ඔමේගාවගේ පිට පුරාවට දිවවූ ඇල්ෆාවන් විමසද්දි ඔමේගාවන් තමා ආහාරයට ගත් සියල්ල සිරුරින් ඉවත් කරමින් සිටියා!
ක්..කාල ගුණයෙහි වෙනස්වීම න්..නිසාවෙනුයි මේ අධිරජුනි!
ඔමේගාවන් පවසා සිටියදී ඇල්ෆාවන් ඔහුගේ රක්ත දෑස් සිහින් කරමින් ඔමේගාවන් දෙස බලා සිටියා!
එසේද? නුඹ දැන් සුවෙන්ද හා?
ඔමේගාවගේ ගෙල සිට පපු පෙදෙස අත්ලෙන් තෙරපමින් සෙමෙන් ස්පර්ශ කල ඇල්ෆාවන් විමසද්දි ඔමේගාවන් කෙලින්ව ඇල්ෆාවගේ පපු මතට බරව තිබුනා!
ම්ම්... මදක් ක්ලාන්ත බවයි අධිරජුනි!
ඔමේගාවන් සිහින් හඬින් මුමුනන විට අධිරජුන් ඔමේගාවන් තම විසල් හස්තයන් මද්‍යයෙහි රදවාගෙන නේවාසිකාගාරය තුලට පිවිස තිබුනා!
ශීත ඍතුව නම් ඇරඹී සුමානයක් පමණ ගතව අවසන්! නමුත් නුඹගේ සිරුර එයට ප්‍රතිචාර දක්වනුයේ මෙම මොහොතෙහිද හා?
ඔමේගාවන්ව පොලොව මතින් වාඩි කරවමින් ඇල්ෆාවන් විමසද්දි ඔමේගාවන් කිසිවක් නෑසුනාක් මෙන් ඇල්ෆාවගේ පපු මතම නැවතී සිටියා!
ඔමේගාවගෙන් ප්‍රතිචාර නොවෙද්දි ඔමේගාවගේ ලවන් අසලට ජල බදුනක් ලං කරලූ ඇල්ෆාවන් ඔහුට දිස්වන ඔමේගාවගේ පිරුනු කොපුල දෙසත් එම මදක් මැලි පැහැ ගත් ලවන් දෙසත් බලා තිබුනා!
හා මෙය නම් ඍතු මාරුවීම්හි ප්‍රතිඵලය යැයි සිතාලමු! නමුත් තව සුමානයක් පසුවද්දි නම් නුඹට නොහැකි වේවි ඍතු මාරුවීම් යැයි පවසාලීමට!
තම පපුව මත හිස තබා සිටින ඔමේගාවන් දෙස බලමින් අධිරජුන් පවසද්දි ඔමේගාවන් ඔහුගේ වෙව්ලුම් දෙන දෙතොල් එකිනෙක තෙරපගෙන තිබුනා!
ESTÁS LEYENDO
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanficනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...