මව් කිරෙන් පිරී ගිය කලය මඳක් එසවී ඉදිරියට බර වද්දි රාජකීය ඔමේගාවන්ගේ හිස් මුදුනෙහි සිට පහලට ක්ෂීරය ගලා ගියා!
මව් කිරට කවලම්ව තිබූ අගනා වර්ගයේ කුංකුම, ඔමේගාවගේ සිරුර වටා එම සුවඳ දවටමින් පලා යද්දි කුංකුම සුඟන්ධයක් හිමි ආත්මයක් තිබූ අධිරජුන් ආඩම්බර අයුරින් සිනහා නගා තිබුනා! ඔමේගාවගේ සුවඳ ග්‍රන්ථිය තුල තමා ගිල්ලවූ කුංකුම සුඟන්ධය, ක්ෂීරය හා මිශ්‍ර කුංකුම මඟින් තවත් වර්ධනය වීම ඔහුව ආයාසයකින් තොරවම තුටින් පුරවා තිබුනා!
ඔමේගාවගේ හිස මතට වත් කරමින් තිබූ ක්ෂීරය අවසානයත් යමඟම එම හිස්වූ කලය දාසියක් අත තැබූ අධිරජුන්, පොකුන තුල සිටි ඔමේගාවගේ එක් හස්තයක් එම අත්ලට ගනිද්දි පියවූ නීල දෑසෙහි ඇස් බැමි එකට යා වී තිබුනා!
හස්තය දිගෙහි ඇදී යන ඇල්ෆාවගේ මෘදු ස්පර්ෂය තමාව පිරිසිඳු කිරීමට වූවත්, ඔමේගාවන් හට එම ස්පර්ෂය අපහසුවක් වී තිබුනා! හෝරාවකට පමණ පෙර අධිරජුගේ මුවින් පිටවුනු එම වදන්, අධිරජුගේ ස්පර්ෂයන් අපහසුතාවක් වීමට හේතුවී තිබුනා!
අධිරජුගේ ස්පර්ෂ වලින් මිදීමට ඔමේගාවන් තුල දැඩි උවමනාවක් වද්දි ඇල්ෆාවගෙන් හස්තය මුදවාගත් ඔමේගාවන් ක්ෂීර පොකුණ තුල ගිලී ගියා!
මොහොතකින් ක්ෂීර අතරින් පිටතට ආ ඔමේගාවන්, අධිරජුන් දෙස නොබලාම පොකුණ තුලින් පිටතට පැමිණෙද්දි ඔහුගේ උර වටා රාජකීය කබාය පැටලී ගත්තා!
ජල තටාකය සූදානම් කරනු!
ඔමේගාවගේ හඬ ඔහුගේ සේවකයන් හට ආඤාවක් නිකුත් කරද්දි ඇල්ෆාවගේ රක්ත දෑස් නෝක්කාඩු බැල්මක් ඔමේගාවන් දෙසට හෙලා තිබුනා!
ඔමේගාවගේ පිටත්වීම හමුවේත් අධිරජුන් මුවඟින් සිනහසෙමින් සන්සුන්ව සිටිද්දි මැකී යන රක්ත පැහැයෙන් යුත් ගෝර්යෝ 'රක්ත' චන්ද්‍රයන් දෙස බොහෝ නෙත් පුදුමය මුසු කුතුහලයකින් බලා සිටියා!
කිමද? මාගේ ස්පර්ෂයන් අප්රියවීද හා?
තටාකය තුල ගිලී සිට, සුසුම් සඳහා පිටතට පැමිණි සැනින් සවනතට වැකුණු හඬ සමඟ ඔමේගාවගේ නීල දෑසෙහි අකමැත්ත පිරි බැල්මක් ඇඳී ගියා!
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...