🍑peach 10🍑

836 61 0
                                    

වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ...

ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී ආදරේ 🎶🎶

වෙලාව පාන්දර දෙකයි . සීතලයි . හැමෝම නිදි . මගෙ යුගේෂ් පවා නිදි ඇති .  මුලු පරිසරේම මගෙ හිත වගෙ නිහඩ වෙලා . ගින්දර වගෙ ඇවිලෙන මගෙ හිතට මන් කොච්චර මේ පැය ගානෙ දොස් කීවද කියලා මන්වත් දන්නෙ නෑ . මන් නිහඩවම මට දොස් කියනවා .

ඇයි මන් දුක් වෙන්නෙ . ඒකපාර්ශවික ආදරේ මෙච්චර රිදෙනවා කියලා දන්නවනම් මන් මෙහෙම නොවෙන්න තිබ්බා . මට අහිමි වෙනවා කියලා දැන දැනත් මන් මටම මොන හේතුවකටද මේ රිද්දගන්නෙ කියලා මන් දන්නේ නෑ . මන් මටම බලාපොරොත්තු දීගෙන ඉවරයි .

රිදෙන හිතට හරියන්නෙ සැනසීම ගේන සිංදු කීවට මන් කරේම මගෙ හිත තව රිද්දගන්න පුලුවන් සිංදුවක් අහන ගමන් කියපු එකයි . නෑ ඒක විදවන්න බැරිව ලතවෙවි විදින්න ආසාවෙන් හදවත රිද්දගන්න සිංදුවක් මුමුණපු එකයි මන් කරේ.

"ම්ම්ම්ම්ම්ම්හ්"

බර හුස්මක් මටත් නොදැනිම පිටවෙද්දි මන් බැලුවේ ඇද බදාගෙන නිදාගෙන ඉන්න සදරුවා දියා . පව් ඌ . මන් නිසා අතත් තුවාල කරන් මන් එක්ක පැය දෙකක් විතර විකාර කියෝලා නිදාගත්තේ .

මට ඕන වුනෙ මන් හැමදාම ඉන්න එකා කියලා පෙන්න . මගෙ රංගනය අති සාර්ථකයි . උදෙට දවල්ට හවසට විහිලුකාරයෙක් වෙන මන් මහ රෑට ප්‍රේමය කියන ගැඹුරු සංකල්පය හිත අස්සෙන් තනියෙන් විදින්න ෆැන්ටසියකට යන්න හදනවා .

" මන් හරි ආසයි මගෙ යුගේෂ් ඔයාගෙ ඇස් පේන මානෙම ඉන්න මන් හරි ආසයි මගෙ අයියේ .... ඒත් මගෙ නොවෙන ඔයා ලග පේන මානෙ ඉදන් අමුවෙන් පිච්චෙන එක මහම මහ වේදනාවයි මගෙ යුගේෂ් "

.
.
.
.

"ගුඩ්මෝනින් මගෙ ලමිස්සියේඒඒඒඒඑ අනෙ මගෙ සුදු වස්තුකැටේ උම්මා දෙයියෝ මගෙ සන්කද සන්කුයික් වස්තුව "

වොශ් එකකුත් දාගෙන එලියට මන්දෝ කරද්දිම අනෙ අනෙ අනෙ ඉතින් මහින්ද මහත්තයා දේශයට වැඩියා වගෙ මගෙ සදපගයා මහ විලාපයක් තිබ්බා විතරයි තේ ගුඩු ගුඩු ගගා බිබි ඉදපු දසමහයෝධ බලඇනිය ගැස්සිලා ගිය පාර අර අහිංසක රුක්ෂාන් පගයට මහ යෝධ කැස්සක් ඇල්ලුවා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now