🍑 Peach 38 🍑

390 33 2
                                    

"මොකො මොකො මේ කට හදන් හඩන්නෙ ම්ම්"

"ඣෑආආආ"

"අප්පුච්චො අඩන්න එපා "

"අපො අපො කට උල් කරන් අඩන්නෙ කුක්කු බඩගින්නෙද"

මගෙ අතෙ ඉදන් මහ හයියෙන් කෑ ගගා හඩන පුංචි පැටියව මන් නලවගන්න මේ පුලුවන් උපරිම උත්සහය ගන්නෙ . යකො ලමයි බලාගන්න පුලුවන් එකෙක්ට දෙන්න එපැයි. මේ සුදු බෝලෙ අඩද්දි ඇගම රෝස වෙනවා . එයාගෙ ඇස් මුහුදු නිල් පාට . මාරම ලස්සන පැටියෙක් .

මගෙ අතෙ මේ අඩන්නෙ කවුද බලනවා ඇති නේද ? සදෙව් රියෝන් ඇන්ඩෲෆ් . එවෝන් දෙශාක්‍යගෙයි ඇලෙක්ස් ඇන්ඩෲෆ්ගෙයි පුත්‍ර රත්නයා අඩන්නෙ මගෙ අතෙ ඉදන් . ඉපදිලා මාස පහක් ඇති . අපෙ ගෙවල් වල පලවෙනි කිරි සුවඳ . පලවෙනි කිරි සිහිනෙ . පලවෙනි සිගිති සිනාව . හැමෝගෙම පුදුම තරමෙ ආදරයක් මත ඇදෙන අපෙ ඔක්කොමගෙම ලොක්කා .

"කුක්කු බීවනෙ සුදුබෝලෙ .. ඔයාගෙ පපා ශෙනිරු ඩැඩියගෙ ඔලුව පලයි ඇවිත් බඩ බහින්න කලින් ආයෙ දුන්නොත්"

මන් ඒ බෝල බන්ඩියට හාදුවක් දෙද්දි කොලු පැටියගෙ ඇඩිල්ල ටිකක් නැවතුනා . හුරතල් ලෝකයක් මේක . අපෙ ඇගවල් කිරි සුවඳයි . ජොන්සන් ඕඩිකොලොන් සුවදයි . තනිකර පොඩි බබාලගෙ සුවද අපෙ ගෙවල් වල ඔක්කොමල්ලා ලග තිබ්බේ . ඇයි මේ පොඩි බඩ්ඩ කියන්නෙ තනිකර මුලු ගෙදරම පලවෙනි වගකීම .  මේකා අඩද්දි ඔක්කොම ඩැඩිලා සෙට් එක එවෝන් අයියගෙ කාමරේ . එවෝන් අයියට දමාගෙන රවනවා ඩැඩිලා සෙට් එක . පව් අහිංසක සදෙව් පැටියගෙ පපා . ඩැඩා නම් ආයෙ ලොවෙත් ලොවි ගහෙත් නෑ වගෙ පොඩි එකාව උඩ දදා නලවනවා එවෝන් අයියගෙ මුහුන එවලෙ අම්මෝ ඇලෙක්ස් අයියව උඩින් පා කරයි පුලුවන්නම් .

මට වෙඩි වැදිලා සනීප වෙලා දැන් හරියටම අවුරුද්දකට කිට්ටුයි . එලේසලගෙ අම්මට එලේසට ඩේවිඩ්ට ඔක්කොමටම ලන්ඩන් අධිකරණය මගින් ජිවිතාන්තය දක්වා බර පතල වැඩ සහිතව හිරෙ දැන්මා .

යුගේෂ් අයියා රුක්ෂාන් දේශාන් ඩබල දැන් ඩොක්ටර්ලා . අපි නම් ට්‍රේනින් අවසන් . යුගේෂ් අයියා නම් අවුරුදු පහක් විතර ඉගෙන ගත්ත එකට සාදාරණයක් කරලා කෙලින්ම එයා බිස්නස් එක අතට ගන්නවා කීවා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now