"මන් ප්‍රොමිස් වෙනවා අදීශ් මගෙ දියා හුරතලෙන් බලන් ඉන්න මේ ලස්සන ඇස් වලට කදුලක් නොඑන්න මේ ප්‍රශ්න විසදනවා කියලා"
"යු..ග්"
"ඔයාට නිකන් මොනාද මේ කියන්නෙ වගෙ ඇති .. ඒත් ඔයා නොදන්න ගොඩක් දේවල් අපි වටෙ සිද්දවෙනවා අදීශ් සමාරක් දේවල් වලට උත්තර හොයන්න බැරි තරමට "
මගෙ උරහිසෙ නිකට තද කරන් යුග් අයියා මුමුණද්දි මට තේරුනෙ නෑ මේ මොනාද කියන්නෙ කියලා . මට දැනුනෙ මන් නොදන්න අනික් අය දන්න දෙයක් තියෙනවා කියලා . සදපගයත් එදා බස් එකේදි මේ වගේම දෙයක් කීවා මට මතකයි .
උරහිසෙ නිකට තද කරන් ඉන්න ගමන් හෙමීට තොල් ගෑවි නොගෑවි මගෙ කන් පෙත්තක් ලග ඉදන් හෙමින් ඩීප් වොයිස් එකකින් යුග් කොදුරද්දි මගෙ ඇගෙ මයිල් කෙලින් වුනා වගේම හිතත් ප්‍රශ්න ගොඩකින් බර වුනා .
"මට තේරෙන්නෙ නෑ යුග් අයියෙ ඔයා මොනාද කියන්නෙ"
"තේරුම් ගන්න ඕන නෑ මගෙ අදීශ් .. මට විතරක්ම සුවඳ හමන මගෙ ලැවැන්ඩර් මල වෙලා ඉන්න ඒ ඇති !"
නිකට උරහිසෙන් අරගෙන ඇදෙ හෙඩ් බෝඩ් එකට හේත්තුවෙලා මගෙ පිට පපුවට තව තද කර කරගත්තෙ බඩ වටෙ අත් යවලා . එහෙන්මම මගෙ ඉත්තෑකූරු කොන්ඩෙ කෙස් අස්සෙ ඒ රළුවට දැනෙන ඇගිලි හරි පරිස්සමට එහා මෙයා යන්න ගියෙ මගෙ හිතම අමුතු සැනසීමකින් වෙලිලා යද්දි .
මට හිතුනා ඔලුව අතගාද්දි මෙච්චර සනීපද කියලා . ඒකත් තමන්ගෙ ආත්මෙම සනසවන පිරිමියගෙන් ලැබෙද්දි මෙච්චර සනීපද කියලා . මගෙ හිතට මේ දැනෙන සැනසිලිදායක හැගීමට මන් ගොඩක් ආසයි යුග් . මහගොඩක් ආසයි . වචනෙන් නොකියා හගවන්න හදන හගවන ආදරේට මන් ගොඩක් ආසයි යුග් .
ඔව් මගෙ යුග් ඔයා මේ හොරෙන් හොරෙන් හගවන්නෙ අහංකාර දඩබ්බර ආදරණිය පිරිමියෙක් වෙච්ච ඔයාගෙ ආදරේ කියලා මන් දන්නවා .
"මට හරි බයයි මන් මේ හීනෙකද ඉන්නෙ කියලා යුග් අයියෙ"
"හීන තියෙන්නෙ හැබැකරගන්න දරුවෝ .. හීන හීනම වෙන්න නොදි හෙමින් හෙමින් හැබෑකරගන්න ඕන"
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...