මගෙ අත් තොල් පවා වෙව්ලද්දි ඒ වේලිච්ච උගුරෙන් අමාරුවෙන් මගෙ නම කියද්දි දැනුන සැනසීම මට කියලා නිමකරගන්න බැරි වුනා . ඒ අලුපාට ඇස් වල වේදනාව අස්සෙන් ලවට දිලිසෙද්දි මගෙ ලග විතරක් ආදරණීය වෙන ඒ බැල්ම ලාවට මන් දකිද්දි ඉතින් මගෙ හිතට දැනුනෙ සහනයක් .
අදුරෙ ගිලීගෙන යන ගමන් ඉදිය මගෙ හිතට කලුවර අහසෙ හදක් පෑව්වා වගෙ මගෙ යුගේෂ්ගෙ ඇස් ආයෙ දකිද්දි හිතට දැනුනෙ කියාගන්න බැරි තරමෙ සැනසීමක් .
"රදීර් ඔලුව එහෙම රිදෙනවද"
ඇලෙක්ස් යුගේෂ් අයියව චෙක් කරන ගමන් අහද්දි මගෙ ලගම තිබ්බ ඇස් ඇලෙක්ස් ගාවින් නැවතුනා .
"ඔව් ඔයා කවුද"
ඇලෙක්ස්ගෙ උඩ ඉදන් යටටත් යට ඉෆ්හන් උඩටත් අර අමාරු පිට දුන්න නපුරු බැල්මට මට හිනත් එක්ක . යක්ස පැටියා මගෙ .
"මන් ඇලෙක්ස් .. ලන්ඩන් **** හොස්පිටල් එකෙ ඩොක්ටර් කෙනෙක් රොයාන්ගෙ බෙස්ට් ෆෙන්ඩ් .. ඔයාට මමයි ට්‍රීට්මන්ට් කරේ "
ඇලෙක්ස් දියා බලන් ඉන්න යුගේෂ් අයියට ඇලෙක්ස් හිනා වෙලා කියද්දි යුගේෂ් අයියා ලාවට ඔලුව වනලා මගෙ දියා බලද්දිම අර කාබාසිනියා කර සදරුවා දර්ශන පතයට හරස් වුනා .
"අයියෙ උබට අමාරුවක් නෑ නෙ .. තෝ ගස් බල්ලා අපිව බය කරා .. එහෙන් අරූව එක්කො ඕන නෑ ඒක ඌ එක්කම ඒවා කතා කරපන් බල්ල .. වරෙන්කො ආයෙ අප්පා නෙමේ මොකා නිසාවත් ජිවිතෙ අනතුරෙ දාගෙන තොගෙ ඇට දෙක තලනවා"
සදරුවා යුගේෂ් අයියට රවාගෙන කියෝගෙන කියෝගෙන ගියෙ ඌගෙ ඇස් වල තිබ්බ කදුලු ශේපෙ පියදාගන්න ගමන් . මන් හිතන්නෙ සහෝදර කැක්කුම මේ ලෝකෙ ලොකුම බෝන්ඩ් එක .
"මල්ලි අපිව උබ හොදටම බය කරා බන් .. ආයෙ හු$න වැඩ කරලා නම් අහුවෙන්න එපා අර පොඩි එකා ගැන හිතපන් ඌ උබ නැතිව පිස්සෙක් වුනා"
එවෝන් අයියෙ යුගේෂ් අයියගෙ ඔලුව හෙමීට අතගාලා මාවත් පෙන්නලා කියද්දි මන් ලාවට හිනා වුනා. මට සැනසීමයි දෙයියනෙ මගෙ මනුස්සයට සිහිය ආව එකට මට සැනසීමයි.
"මිස් යූ මචං .. මේ පාර අපි ඔක්කොම එකට මේ ප්‍රශ්නෙ විසදගමු"
අපෙ අයියත් ඔලුව අතගාලම කියද්දි යුගේෂ් අයියගෙ ඇස් කෙලින්ම තිබ්බෙ රොයාන් අයියා දියාවට . මට අමුතුවෙන් ඒ බැල්ම තේරුම් ගන්න ඕන නෑ . ලෙඩ හොද නැ හැබැයි යකො නපුරුකම . මූගෙ ග්‍රෑන්ඩ්පපාට රයිස් ගරන්න ඕන .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...