හිනෙන් පහලින් දැනෙන හම්බානක වේදනාවත් එක්ක මාව නැගිටෙද්දි මන් ඇස් දෙපාරක් තුන්පාරක් එකදිගට ගැහුවා . ඇස් බරයි වගෙ . ඇගම තලලා දාලා වගෙ . එහෙන් මගෙ හිනෙන් පහල අම්මෝ අම්මෝ . අම්මා මගෙ ඇග නිකන් නෑ වගෙ .
මන් එහෙන්මම ඇස් කරකවලා මගෙ මනුස්ස පරාණෙව බැලුවත් එයා කාමරේ ඉදියෙ නෑ . ඒත් වොශෲම් එකෙන් ඇහුන වතුර සද්දෙත් එක්ක එයා බාතෲම් එකෙ කියලා මන් හිතුවා . එහෙන්මම මගෙ ඇස් ගියෙ බෙඩ් ටේබල් එකෙ තිබ්බ තෙත රෙදි කෑල්ලටයි වතුර කෝප්පෙටයි .
ඇගපතින් තියෙන වේදනාව වැඩි . යටිකයෙන් අමුම අමු වේදනාවක් එද්දි මට කාමරේ මේසෙ උඩින් සමහන් සුවදකුත් එනවා . මන් හෙමීට ඇදෙන් ඉදගන්න ගියා විතරයි මතක්.
"හු$ත ආව් ආව් අනෙ මිනිහො මගෙ කොන්ද ආව්"
පරලොව තරු මන් අද තමා දෙයියනෙ දැක්කෙ . අනෙ ලස්සන තරු . මගෙ කෑගැහිල්ල කොච්චරද කියනවනම් නනා ඉදිය යුගේෂ් අයියා සබන් පිටින් ටවල් එකත් හින වටෙ හොතාගෙන දුවගෙන ආපු පාර තව පොඩ්ඩෙන් ලිස්සිලා වැටෙනවා .
"වස්තුව ඇයි පන මොකද "
මන් ලගට අනෙ ඇවිත් මාව දිගා කරලා අහද්දි ඒ ඇස් බය වෙලා හෙනට . කලබලයි ඒ ඇස් . වතුර අත් වල දහපාරක් තුවායෙන් පියලා මාව අල්ලද්දි මන් ඒ මුහුන දියා මගෙන් ආව වේදනාවත් එක්කම බලන් ඉදියා .
"මගෙ කොන්ද රිදෙනවා ඒයි .. ඇගම රිදෙනවා .. මන් වාඩිවුනා මට මෙලොව පොල් පෙනුනනෙ ඒයි"
මන් මුහුණත් බෙරි කරගෙන වගෙ කියද්දි අනෙ යුගේෂ් අයියා දුකෙන් මගෙ දියා බලලා නලලට තොල් තද කරා .
"ඔයාට උණ වස්තුව මන් එක්ක ඔට්ටු වෙලා .. ඉන්නකො මන් බාත්ටබ් එකට හොට් වෝටර් පුරවලා එන්නම් ඒකෙ ටිකක් ඉදියම පොඩියට වේදනාව අඩුවෙයි ම්ම් පේන්කිලර් දෙන්නම් කෑවට පස්සෙ"
මගෙ නලලට ආයෙ තොල් තදකරලා මගෙ යටිබඩ හරිය හෙමීට අතගාලා සොරි බබා කියලා මුමුණලා ආයෙ බාතෲම් එකට යද්දි මන් බලන් ඉදියා එයා දියා . පිට ගන්න දෙයක් නෑ . නියපොතු වලට මගෙ සීරිලම ගිහින් ඒ සුදුපාට කැලල් නැති හම .
අම්මෙ ඔයාගෙ සුදුමහත්තයට බෑණා පොඩ්ඩ පලවෙනි පාරෙන්ම උණ ගැහෙන්නම වැඩෙ දුන්නා . යකො ලැජ්ජාවේ බෑ . අර බේසික සදපගයා දැනගත්තොත් වසලා අමාරයි . දෙයියනෙ දෙයියනෙ මට මැවිලා පේනවා බේසිකයගෙ බේසික හිනාවෙන් මට හිනා වෙනවා .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...