"ගුඩ්මෝනින් මගෙ වස්තුව"
"ගුඩ්මෝනින් යුගේෂ් අයියෙ"
"වෙඩින් සූට් එක හම්බුනාද වස්තුව"
මගෙ ඇගිලි තුඩු වලට පිරිමැදෙමින් තිබ්බ සූට් එක මන් හයියෙන් ඇගිලි තුඩු වලට අල්ල ගත්තෙ එහා පැත්තෙන් ඇහෙන ආදරණීය කටහඩත් මගෙ ඇස් ඉස්සරා තියෙන දේත් නිසා .
"කොහොමද පන මෙච්චර දෙයක් කරේ "
මගෙ කටහඩ හරියට හැගීම් බර වෙද්දි එහා පැත්තෙන් හරි ලස්සනට හිනා වෙන හඩක් ඇහුනා . එයාගෙ හිනාවෙන් මට ඇස් දෙකට දැන් එයාව නොපෙනුනත් කියන්න පුලුවන් ඒ ඇස් ආදරෙන් බරවෙලා තියෙනවා කියලා .
මන් ඉදියෙ මගෙ වෙඩින් සූට් එක දියා බලාගෙන සමවැදිලා . ඒ අතරෙ තමා යුගේෂ් අයියගෙනුත් කෝල් එක ආවේ . පැස්ටල් කලර් දම්පාටයි සුදු පාටයි ගියපු වෙඩින් ඩ්‍රස් එක රෝයල් විදියට හදපු එකක් වෙද්දි ඒක දැකපු ගමන් මාව ශොක් වෙලා ගියා . මට ශුවර් මේකට බර ගානක් ගිහින් තියෙනවා කියලා .
"ඔයා වෙනුවෙන් ඕනම දෙයක් මන් කරනවා මගෙ අදීශ් .. ඩ්‍රස් කරන කෙනා ආවද වස්තුව"
"තව විනාඩි පහකින් එනවා කීවා"
ඩ්‍රස් කරන කෙනා සදපගයට ඩ්‍රසින් කරන නිසා තව විනාඩි පහකින් මගෙ රූම් එකට එනවා කීවා . අපි දෙන්නව රූම් දෙකකට දැන්මෙ අපිව ශුවර් නෑලු අපෙ මිනිස්සු දෙන්නට . එහෙමට ලෝකෙ පෙරලන්න පුලුවන් උන් දෙන්නෙක්ලු අපි . ඩ්‍රසින් කරන මනුස්සයටත් වද දෙයිලු එකට ඉදියොත්.
"ම්ම් මන් බලන් ඉන්නවා වස්තුව දකින්න"
"මමත් .. ආදරෙයි පන"
"ම්ම් ආදරෙයි "
ෆෝන් එක එහා පැත්තෙන් කට් වුනාට පස්සෙ මන් මගෙ ෆුල් සූට් එකේම ඇගිලි තුඩු ගෙනිච්චා . රෝයල් ප්‍රින්ස් සූට් එකක් ඒක . ලැවෙන්ඩා තීම් එකෙන් ඩිසයින් වෙච්ච ඒක හරි ලස්සනයි . සුදු දම් මික්ස් වෙච්ච වේල් එකකුත් තියෙනවා වෙනම . ඒ ඇදුමුත් ලැවෙන්ඩා සුවදයි මට . යුගේෂ් අයියගෙ කොහොමද දන්නෙ නෑ ඇදුම . මේ වගෙ ඇති කියලා හිතුනා මට .
හැමෝගෙම හීනයක් හැබෑ වෙද්දි තමන්ගෙ ආදරෙ තමන්ගෙම වෙද්දි ලෝකයක් ඉස්සරා සම්මත අසම්මත ගගා වැලලෙන මිනිස්සුන්ව අපිට වැඩක් නොවෙද්දි අපි අපෙ සතුට හොයාගෙන අපි ඉස්සරාට ගිහින් ඉවරයි .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romansaපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...